අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW :

මෙරට සංචාරයක නිරත වතිකානයේ විදේශ කටයුතු අමාත්‍ය පෝල් රිචඩ් ගැලහර් හිමිපාණන් පාස්කු ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත අද (05) දින පැමිණි බව සඳහන් වේ

එහිදී, පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සිදුකරමින් ඊට යුක්තිය ඉටුකිරීම සඳහා වත්මන් රජය කටයුතු කරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් කියා සිටියේය.

ඒ, අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ද එම අවස්ථාවට එක්ව සිටි අතර , උන්වහන්සේ විසින් පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ හානිය පිළිබඳ පෝල් රිචඩ්  හිමිපාණන් වෙත කරුණු පැහැදිලි කළේය.

පාස්කු විමර්ෂණ අඛණ්ඩ සිදුකරමින් යුක්තිය ඉටුකිරීම සඳහා රජය කැපවීමෙන් කටයුතු කරන බව , එම අවස්ථාවේ දී අගරදගුරු හිමිපාණන් වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී, පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ සිහිවටනය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදුකෙරුණ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...