රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW :
මෙරට සංචාරයක නිරත වතිකානයේ විදේශ කටයුතු අමාත්‍ය පෝල් රිචඩ් ගැලහර් හිමිපාණන් පාස්කු ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත අද (05) දින පැමිණි බව සඳහන් වේ
එහිදී, පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සිදුකරමින් ඊට යුක්තිය ඉටුකිරීම සඳහා වත්මන් රජය කටයුතු කරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් කියා සිටියේය.
ඒ, අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ද එම අවස්ථාවට එක්ව සිටි අතර , උන්වහන්සේ විසින් පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ හානිය පිළිබඳ පෝල් රිචඩ් හිමිපාණන් වෙත කරුණු පැහැදිලි කළේය.
පාස්කු විමර්ෂණ අඛණ්ඩ සිදුකරමින් යුක්තිය ඉටුකිරීම සඳහා රජය කැපවීමෙන් කටයුතු කරන බව , එම අවස්ථාවේ දී අගරදගුරු හිමිපාණන් වැඩිදුරටත් කියා සිටියේය.
මෙහිදී, පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ සිහිවටනය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදුකෙරුණ බව වාර්තා වේ.
