ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය හිමි පාර්ශ්ව ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තොරතුරු ඉල්ලයි !

Date:

අත්‍යවශ්‍ය සේවා යටතේ ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය හිමිවන පාර්ශ්ව මොනවාද යන්න පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා වෙත නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

ඉන්ධන අර්බුදය‌ හේතුවෙන් රෝහල්, ප්‍රවාහන ඇතුළු ජනජීවිතයට සෘජුව බලපෑම් කරන ක්ෂේත්‍ර රැසක් අර්බුදයට ගොස් ඇති හෙයින් ඉන්ධන අර්බුදය විසඳීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබේ. අගමැතිවරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

මෙම පෙත්සම විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන, අර්ජුණ ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවා තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...