ලිට්රෝ – PUCSL බළධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවයි

Date:

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතනවල බළධාරීන් හෙට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමට නියමිතය. අදාල ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සහ ගෑස් අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී විමසනු ඇත.

මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ බළධාරීන් ලබන 06 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රජයේ ගිණුම් කාරක සභාව සහ රජයේ මුදල් කාරක සභාවද හෙට දිනයේදී රැස්වීමට නියමිත අතර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ නිළධාරීන් රජයේ ගිණුම් කාරක සභාව හමුවේත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් රජයේ මුදල් කාරක සභාව හමුවේත් පෙනී සිටිනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...