බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 INNOVA සමුළුවට සහභාගී වේ

Date:

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 ජූනි 21 සිට 23 යන දිනවල බ්‍රසීලයේ සම්මේලන මධ්‍යස්ථානයේ පැවති 2022 INNOVA 2022 සමුළුව සඳහා සහභාගී විය.

INNOVA සමුළුව ලතින් ඇමරිකාවේ පැවැත්වෙන විශාලතම වෙළඳ සහ කාර්මික ප්‍රවර්ධන වැඩසටහන් අතරින් එක් වැඩසටහනක් වන අතර, එමගින් ලතින් ඇමරිකානු කලාපයේ නවෝත්පාදන නිපැයුම් ඉදිරිපත් කිරීමට කැපවී සිටින ව්‍යවසායකයන්, කුඩා හා මධ්‍යම පරිමාණයේ සමාගම් සහ උනන්දුවක් සහිත පාර්ශ්ව එකම වේදිකාවකට ගෙන එනු ලැබේ. මෙම වැඩසටහන ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් අතර ජාල නිර්මාණය කිරීම සඳහා වේදිකාවක් සපයයි. එමෙන්ම ව්‍යාපාරාන්තර රැස්වීම්, වැඩමුළු සහ වෙනත් සම්මන්ත්‍රණ ආදිය සංවිධානය කිරීම මගින් ජාත්‍යන්තර වෙළඳාම දිරිමත් කරමින් ඊට පහසුකම් සපයයි.

INNOVA 2022 වැඩසටහන තුළ ව්‍යාපාරික ආයතන සහ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල 100කට අධික සංඛ්‍යාවකට අයත් ප්‍රදර්ශන කුටි පැවති අතර, දින 3 ක් මුළුල්ලේ පැවති මෙම සමුළුවට ආසන්න වශයෙන් නරඹන්නන් 20,000ක් පමණ සහභාගී විය.

මෙම සමුළුව අතරතුර විවිධ රසයෙන් යුත් ලංකා තේ, කුරුඳු සහ කුළුබඩු, පොල් නිෂ්පාදන, අත්කම් භාණ්ඩ, මේස දරණු සහ බතික් ඇඟලුම් වැනි විවිධ ශ්‍රී ලාංකීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව සලසා දුන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අයත් කුටිය වෙත 3000කට අධික පිරිසක් පැමිණිය හ. තවද, නරඹන්නන්ට ශ්‍රී ලංකාවේ ආහාර සහ ලංකා තේ රස විඳීමට ද අවස්ථාව සැලසිණි.

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මැතිතුමා බ්‍රසීල ගුවන්විදුලිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ අතර, එහිදී බ්‍රසීල සහ දකුණු ඇමරිකානු ව්‍යවසායකයන් සඳහා ශ්‍රී ලංකාවේ පවතින සුවිසල් අවස්ථාපිළිබඳව අවධාරණය කළේ ය.

පුරාවිද්‍යාත්මක නගර ගවේෂණය කිරීම, වනජීවීන්, ත්‍රාසජනක සංචාරක ක්ෂේත්‍රය, භාවනා කිරීම, ඔසු ඌල, සංස්කෘතිය සහ ආහාරපාන වැනි පුළුල් පරාසයකට විහිදී යන සංචාරක ක්‍රියාකාරකම් රැසක් ශ්‍රී ලංකාව සිය සංචාරකයන්ට සපයන බැවින්, තම මීළඟ සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරාගන්නා ලෙස, තානාපති සුමිත් දසනායක මැතිතුමා බ්‍රසීල සහ දකුණු ඇමරිකානු සංචාරකයන් දිරිමත් කළේ ය.

එමෙන්ම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සහ වෙළෙඳාම මෙන්ම, ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස මෙරට ලබා ඇති ජයග්‍රහණ විදහා දැක්වෙන වීඩියෝ පට ද තානාපති කාර්යාලය සම්මේලන මධ්‍යස්ථානයේ පිහිටි ප්‍රධාන ලොබියේ දී ප්‍රදර්ශනය කළේ ය. එය නරඹන්නන්ගේ ආකර්ෂණයට පා‍ත්‍රවිය.



ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසීලය

2022 ජූලි 04 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...