ඇමරිකානු නිදහස් දින චිකාගෝවේ වියරුව: වෙඩි තැබීමකින් 06 දෙනෙකු මරුට. 22-හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට

Date:

එක්සත් ජනපදයේ ජාතික නිදහස් දිනය යෙදී තිබුණේ ඊයේ (ජූලි 04) දිනට ය. ෆෝර්ත් ඔෆ් ජුලයි යනුවෙන් එරට ජාතික නිදහස් දිනය සැමරීම ඇමරිකාවේ පමණක් නොව ලොව ඕනෑම රටක කුඩා දරුවකු පවා දන්නා කරුණකි.

එකී ජාතික නිදහස් දිනයේම බිහිසුණු වෙඩි තැබීමක් සිදුවූයේ චිකාගෝහි ය. චිකාගෝ නගරයට යාබද හයිලන්ඩ් පාර්ක් හි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් පැවැත්වූ පාගමනක් අතරතුර රයිෆලයක් අතැතිව පැමිණි පුද්ගලයකු විසින් සිදුකළ බිහිසුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් සය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ අසල ගොඩනැගිල්ලක වහලයක සිට බවයි වාර්තා වෙන්නේ.

මෙම උමතු වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් අතර, මෙක්සිකෝවේ උතුරු ඇමරිකානු සබඳතා අධ්‍යක්ෂ රොබර්ටෝ වෙලාස්කෝ ද සිටි බවට සඳහන්. තුවාල ලැබූවන් අතර කුඩා දරුවකු ද සිටින බව වාර්තා වේ. තුවාල ලැබූ සියල්ල ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. පාගමනේ සිටි පුද්ගලයන් 39 දෙනෙකු අරඹයා මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

සිදුවීමට අදාළව 22-හැවිරිදි රොබර්ට් ඊ ක්‍රයිමෝ ද තර්ඩ් නම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති අතර, ඔහු මේ වන විට පොලිස් අත්ඩංගුවේ පසුවන බව චිකාගෝ හි හයිලන්ඩ් පාර්ක් පොලීසියේ ප්‍රධානී ලූ ජොග්මන් මහතා පැවසුවේය.

අත්අඩංගුවට පත් තැනැත්තා බොබී යන නාමයෙන් ද පෙනී සිට ඇති අතර, චිකාගෝට යාබද උතුරු කලාපයේ පදිංචි පුද්ගලයකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අත්අඩංගුවට පත් තැනැත්තා ආයුධ සන්නද්ධ සහ ඉතා භයානක පුද්ගලයකු බවට හයිලන්ඩ් පාර්ක් පොලීසිය පවසා ඇති මුත්, සැකකරු ව හඳුනා ගනු ලැබුවේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් පොලීසිය විසින් මාධ්‍යයට පවසා නැත.

වෙඩිකරු අසල ගොඩනැගිල්ලක වහලයේ සිට වෙඩිතැබීම සිදුකර ඇති අතර, මෙම වෙඩි තැබීමෙන් කැළඹීමට පත් නිදහස් දින පාගමනේ ගමන් කළ පුද්ගලයන් බියවී දිවි ගලවා ගැනීමට හතර අත දිවගොස් ඇත. එරට වේලාවෙන් උදෑසන 10.14 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, මෙම වෙඩි තැබීම පාගමනේ ගමන් කළ පුද්ගලයන් ඉලක්කකර ගනිමින් හිතාමතා සිදුකර ඇති බවයි බලධාරීන් උපකල්පනය කරන්නේ.

වෙඩිකරු භාවිතා කර ඇති රයිෆලය ඉතා බලවත් ගිනිඅවියක් බවත්, එවන් ගිනිඅවියක් ඔහු අතට පත්වූයේ කෙසේද යන්න පිළිබඳවත් විමර්ශන දියත් කෙරෙමින් පවතී. කෙසේවෙතත්, මෙම සිදුවීමෙන් නැවත වරක් පසක් වනුයේ ඇමරිකාවේ ගිනිඅවි පාලනය පිළිබඳව ඇති දුර්වල අධිකාරියයි.

ගිනිඅවියක් භාවිතා කිරීමට ඇමරිකාව තුළ ඇති නිදහස එරට ජාතික නිදහස් දිනය දී ම මෙසේ පෙන්වීම සහ එමඟින් රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයකු ඇතුළු පුද්ගලයන් සය දෙනෙකු ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම හමුවේ ඇමරිකානු බලධාරීන්ගේ දෙනෙත් විවර විය යුතු ය.

ඡායාරූප: එන්බීසී නිව්ස්

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...

තුසිත හල්ලොලුව ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම්

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි...