තහවුරු නොකළ බුද්ධි තොරතුරු ගැන අනියත බියක් ඇතිකර ගන්න එපා! – ආරක්ෂක අමාත්‍යංශය

Date:

තහවුරු නොකළ බුද්ධි තොරතුරු පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ආරක්ෂක අමාත්‍යංශය මෙම නිවේදනය නිකුක් කර සිටියේ, අද (05) සහ හෙට (06) දෙදින තුළ ‘කළු ජූලිය’ සනිටුහන් කරමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට සමාජ මාධ්‍ය වල පළවූ පුවත් වලට ප්‍රතිචාර වශයෙනි.

ඒ අනුව, පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම් වෙත යොමුකරන ලද ලිපියකට ප්‍රතිචාර වශයෙන් එම අමාත්‍යංශය විසින් නිවේදනය කරන්නේ, මේ පිළිබඳව මෙම බුද්ධි අංශ විසින් ලබා දුන් තහවුරු නොකරන ලද තොරතුරු සැලකිල්ලට ගෙන ඇති බවයි.

මෙවන් ප්‍රහාරයකට අදාළව කිසිඳු පදනම් තොරතරක් නොමැති බව ද එම නිවේදනයේ දැක්වෙයි.

රාජ්‍ය විරෝධී කණ්ඩායම් විසින් ජනතාව කුපිත කිරීම සහ රජය අස්ථාවර කිරීමට ද මෙවන් පුවත් යොදා ගැනෙන බව ආරක්ෂක අමාත්‍යංශය චෝදනා කරයි.

මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ඉහළ ප‍්‍රමුඛතාවක් ලබා දෙන බැවින් ලැබී ඇති බුද්ධි තොරතුරු පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බවත්, ඉහළ ආරක්‍ෂාවක්‌ තහවුරු කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද එකී නිවේදනයේ සඳහන්.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...

තුසිත හල්ලොලුව ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම්

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි...