සූරයන් සූරතා සටනින් ඉවතට

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 08,  කොළඹ LNW:

හොංකොං ජාත්‍යන්තර සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ගියවර සූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර තරගාවලියේ සූරතාවය සම්බන්ධයෙන් තබා ගත් බලාපොරොත්තු අත් හැර ගන්නට සිඳු වෙනවා.ඒ ශ්‍රී ලංකාව සහභාගි වූ මූලික තරග දෙකම පරාජයට පත්වීම නිසයි.
ඔවුන් සහභාගි වූ පළමු තරගයේදී හොංකෝ කණ්ඩායම වෙතින් කඩුලු 4 ක පරාජයක් ලබනවා.පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරන්නට ලැබෙන්නේ ලකුණු 79 ක් පමණයි.මෑත කාලයේ විස්සයි විස්ස පසුබෑම සම්බන්ධයෙන් කතා කරද්දි පවා අවධානයට ලක්වන නිලකුණු පන්දු සටහන් විම මෙහිදීත් වැඩියෙන් සිදුවෙනු දකින්නට ලැබුණා.

නිමේෂ් විමුක්ති පමණක් සය සාමාජික අනන්‍යතාවය සහතික කරමින් මුහුණ දුන් පන්දු හතරට හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් එල්ල කරමින් ලකුණු 20 ක් ලබා ගැනීම නිසා ලකුණු පූවරුව 79 දක්වා හෝ ඉහළට එසැවුණා.


ධනංජය ලක්ෂාන් පළමු පන්දු ඕවරයේ ලකුණු 17 ක් ලබා දුන්න ද හොංකොං කණ්ඩායමේ කඩුලු 2 ක් ම දවා ගත්තා.එහෙත් ඉන් අනතුරුව පන්දු යවන්නන්ට පිතිකරුවන් කෙරෙහි පීඩනයක් ඇති කරන්නට ඉඩ නොදුන් හොංකොං නායක යසීම් මුර්ටාසා පන්දු 8 න් නොදැවී 26 ක් සහ අයිසාස් ඛාන් පන්දු 10 න් ලකුණු 44 ක් ලබමින් හොංකොං ලකුණු පූවරුව සිව්වන ඕවරයේ සිව්වන පන්දුවේදී කඩුලු 2 ට ලකුණු 80 ක් බවට පත් කළා.
මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු සමරකෝන් යවන ලද පන්දු ඕවරය තීරණාත්මක වුණා.පළමු පන්දු ඕවරයේ දී බාබර් හයට් දවා ගැනීමට අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත් සමරකෝන්ගේ පන්දු ඕවරයේ දි හොංකොං කණ්ඩායමේ තෙවන කඩුල්ල දවා ගන්නට ලැබුණු උඩ පන්දුව නිමේෂ් විමුක්ති විසින් නිවැරදිව නිරීක්ෂණය නොකළ නිසා අත හැරී යාම මෙන්ම සමරකෝන්ගේ පන්දු හතරක්ම පුල්ටොස් පන්දු ලෙස යොමු වීමෙන් හොංකොං කණ්ඩායමට එම ඕවරයේ ලකුණු 24 ක් ම හිමි වුණා.ඒ විශ්වාසය මත තරිඳු රත්නායකට එරෙහිව ඔහුගේ ඕවරයට ලකුණු 30 ක් රැස් කරන්නට හොංකොං පිතිකරුවන් සමත් වුණා.


ලකුණු සටහන – https://bit.ly/43lgM3c
දෙවන තරගයේදී බංගලාදේශය පළමු පන්දු ඕවර් තුන නිමා වන විටත් කඩුලු 2 ට ලකුණු 56 ක් රැස් කර ගන්නට සමත් වුණත් සිව්වන පන්දු ඕවරයේදී සහ පස්වන පන්දු ඕවරයේදි පිළිවෙලින් ලහිරු සමරකෝන් සහ ලහිරු මධුශංක එය පාලනය කරන්නට සමත් වුණා.සමරකෝන් ලකුණු 3 ක් පමණක් ලබා දුන් අතර මධුශංක ලබා දුන්නේ ලකුණු 5 ක් පමණයි.මේ තත්ත්වය නිසා පන්දු ඕවර් 6 නිමා වන විට බංගලාදේශයට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 5 ක් දැවී ලකුණු 75 ක් පමණයි.


එම ලකුණු ප්‍රමාණය හඹා යාම සය සාමාජික තරගයක අපහසු කාර්යයක් නොවුණත්,ශ්‍රී ලංකා පිතිකරුවන්ව විශාල පහර කරා යාමට ඇති ඉඩෙන් ඈත් කරන සේ පන්දු යවන්නන් බංගලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.මේ නිසා පන්දු ඕවර් 5.3 ක් ගෙවෙන තැන ශ්‍රී ලංකා කණ්ඩායමේ සියල්ලම ලකුණු 61 ට දැවී ගියේ බංගලාදේශයට ඔවුන්වත් නොසිතූ ලකුණු 14 ක ජයක් හිමි කර දෙමින් සහ ශ්‍රී ලංකාවේ සූරතාවය ගැන බලාපොරොත්තු සියල්ලම බොඳ කරමින්.


තරගයේ ලකුණු සටහන – https://bit.ly/3WN0A79
මේ සමඟ දක්වා ඇත්තේ ඉකුත් වසරේ සූරතාවය දිනා ගත් අවස්ථාවේ ගත් ඡායාරූපයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...