සුබ ගමන් රන්ජන් …..!

Date:

මෙරට ජ්‍යේෂ්ඨතම බැංකුකරුවකු වූ ඩේමියන් රන්ජන් මැල්ලව මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

සෙලාන් බැංකුවේ දීර්ඝ කාලයක් සේවය කළ ඒ මහතා අවසන් වරට ප්‍රමුඛ බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් කටයුතු කළේය. ඉන් අනතුරුව වසර 15ක් පමණ තිස්සේ එංගලන්තයේ පදිංචිව සිටි ඒ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.

කලක් තිස්සේ අසනීපයෙන් පසුවූ ඒ මහතා ඊයේ (නොවැම්බර් 07) දිනයේදී අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතාගේ අභාවය සම්බන්ධයෙන් LNW අපි දැඩි කම්පනයට පත්ව සිටින අතර අපගේ බලවත් ශෝකය ඒ මහතාගේ බිරිඳ වන චම්පා මැල්ලව මහත්මියටත්, පුත්‍රයා වන රයන් මැල්ලව මහතාටත් පළකර සිටින්නෙමු.

2010 වසරේදී එවකට පැවති රාජපක්ෂ රෙජීමය LNW අපට එරෙහිව සියලු අවි අමෝරාගෙන, අපගේ වෙබ් අඩවිය තහනම් කර, අපට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු පවා නිකුත් කර තිබියදී අපට ධෛර්යය සපයමින් අප සමග සිටි කිහිපදෙනා අතරින් රන්ජන් මැල්ලව ප්‍රමුඛයෙකු විය. ඒ පිළිබඳ ඔහු කෙරෙහි අපගේ ගෞරවය සදාකල් පවතිනු ඇත.

රන්ජන් මැල්ලවගේ තවත් විශේෂත්වයක් වන්නේ ඔහු දැඩි ක්‍රිකට් ලෝලියකු වීමයි. බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරග නැරඹීමට පවා ඔහු සියතින් මුදල් වියදම් කරගෙන එහි ගියේය. ඔහුගේ මෙම ක්‍රිකට් ආශාවේ අග්‍රඵලය වූයේ “Winds Behind the Willows : A Sri Lankan’s Life in Love with Cricket” නම් ග්‍රන්ථය රචනා කර ක්‍රිකට් ලෝලීන්ට තිලිණ කිරීමයි.

එසේම ඔහු ක්‍රිකට් ලෝකයේ පවතින වංචා, දූෂණ සහ අක්‍රමිකතා හෙළිදරව් කරමින් ලිපි පෙළක් ද රචනා කර LNW වෙබ් අඩවියෙහි පළ කළේය. ඒ, “තර්ඩ් මෑන්” නමිනි.

රන්ජන් මැල්ලව අද සිය බිරිඳ චම්පාගෙන් සහ පුතු රයන්ගෙන් සමුගෙන දෙව් මව් තුරුළට යන්නේ ය. ඔහුගේ දේහය අද පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා බොරැල්ල ඒ. එෆ්. රේමන්ඩ් මල්ශාලාවේ තැන්පත් කර තිබෙනු ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරු 03.30ට බොරැල්ල කනත්තේදී සිදුකෙරෙනු ඇත.

සුවෙන් නිදන්න කුමරුවනි, නැවත අප හමුවෙන තුරු ……

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...