රට යළි නඟා සිටුවීම මාස 06ක අවුරුද්දක කාලයක් පමණ කාලයක් ප්‍රමාණවත් නමුත් එමඟින් 2019ට පෙර පැවති තත්ත්වයට පත්විය නොහැකි වුවත් දැනට පවතින ඉන්ධන,ගෑස්,විදුලිය අර්බුද විසඳා ගනිමින් මූල්‍ය අර්බුදයට විසඳුමක් දීම සඳහා ලෝක ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කරගැනීමට එම කාලය ප්‍රමාණවත් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ඉන් පසුව මහ මැතිවරණයකට ගොස් ජනවරමක් සහිතව කටයුතු කළ හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
මේ සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුව සෑදීමේ කටයුතු ඉතා ඉක්මණින් ඉටුවනු ඇති බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 113ක බලය තිබෙන බව ජනාධිපතිවරයාට පෙන්විය හැකි බවත් එවිට ජනාධිපතිවරයාට ඉන් බැහැර විය නොහැකි බව හෙතෙම කියා සිටියි.
ASK