ලෝක ශ්‍රේණිගත කිරීම්වල 08 ට ඉන්න පැතුම් LPL තරගාවලියෙන් හැලුනෙ කොහොමද ?

Date:

2022 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම ඊයේ සිදු කෙරිණි. ක්‍රීඩකයන් තෝරා ගැනීම අවසන්වීමත් සමග එහිදී සිදු වූ බරපතල අඩුපාඩු සම්බන්ධයෙන් මේ වනවිට කතාබහට ලක්ව තිබේ.

වඩාත්ම මතභේදාත්මක කරුණ වන්නේ ශ්‍රී ලංකා 20/20 කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක කිසිදු කණ්ඩායමකට තෝරා නොගැනීමයි. ඔහු මේ වනවිට 20/20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 08 වැනි ස්ථානයේ රැඳී සිටින අතර පළමු 10 අතර සිටින එකම ශ්‍රීලාංකිකයාද පැතුම් වේ.

ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස සැළකුණු පැතුම් පසුගිය කාලසීමාව තුළ 20/20 ආරම්භක පිතිකරුවෙකු ලෙස වඩාත් සාර්ථක වූ අතර එසේ තිබියදී කිසිදු කණ්ඩායමක හිමිකරුවෙකු ඔහු තෝරා නොගැනීම බරපතල සැකයට භාජනය වී තිබේ.

මීට අමතරව අන්තර් සමාජ පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් රැසකට අවස්ථාව නොලැබී තිබියදී දක්ෂතා අඩු ක්‍රීඩකයන් තෝරාගෙන ඇති බවට චෝදනා එල්ල වේ. පසුගිය අන්තර් සමාජ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූ දුවිඳු තිලකරත්නද මෙවර තරගාවලියට තෝරාගෙන නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...