කාර්යාල සේවකයන්ට දුම්රියත් නැතිවෙයි – අද ගමන් වාර 22 ක් අත්හිටුවලා !

රැකියාවට යාම සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයන්ට ඉතිරි වී තිබෙන එකම ප්‍රවාහන මාධ්‍යය වන දුම්රිය සේවයද අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පවසන්නේ ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය සේවකයන්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇති බවයි.

මේ නිසා දෛනිකව ක්‍රියාත්මක වන කාර්යාල දුම්රිය ගමන් වාර 48 න් 26 ක්ම අද අත්හිටුවා තිබෙනවා. ඒ අනුව අද දිනයේදී ක්‍රියාත්මක වන්නේ ගමන් වාර 22 ක් පමණි.

දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් මගීන් රැසක් අපහසුතාවයට ලක්ව තිබූ අතර ඇතැම් මගීන් දුම්රිය මැදිරිවල පා පුවරුවේ පමණක් නොව දුම්රිය එන්ජින්වලද අනාරක්ෂිතව එල්ලී යන ආකාරය දක්නට ලැබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...