ජනපති නියමයෙන් නිමල් සිරිපාල ඇමති ධුරයෙන් ඉවත් වෙයි

නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත්ව ඇති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් සේවා අමාත්‍යංශය සහ පෞද්ගලික සමාගමක් අතර සිදු වූ ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ඒ පිළිබඳව ජනාධිපතිවරයා සිය අවධානය යොමුකර ඇති අතර ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ අදාල චෝදනාව සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ සිදු කරන ලෙසයි.

අදාල පරීක්ෂණ අවසන් වනතුරු අමාත්‍ය ධුරයේ කටයුතුවලින් තාවකාලිකව ඉවත් වන්නැයි ජනාධිපතිවරයා නිමල් සිරිපාල ද සිල්වා මහතාට උපදෙස් ලබා දී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...