පොහොර ඉල්ලා ජනාධිපති මන්දිරයට යන්න ගිය ගොවියන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර පන්නා දැමූ හැටි! (VIDEO)

Date:

පොහොර ඉල්ලා ජනාධිපති මන්දිරයට යන්න ගිය සමඟි ගොවි බලවේගයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

පසුගිය කාලය තුළ සිදු වූ වග හානි වලට වන්දි ඉල්ලා අද (06) සමඟි ගොවි බලවේගය කොළඹ මහාධිකරණයේ නඩුවක් පැවරීමට කටයුතු කර තිබුණු අතර සිය අවනඩුව පැවසීමට ජනාධිපති මන්දිරය වෙත එම ගොවි පිරිස පැමිණ තිබුණි.

කොටුව ජනාධිපති මන්දිරයට යන මාර්ගයට මාර්ග බාධා යොදමින් අවහිර කර තිබෙන හෙයින් එම මාර්ග බාධක බිඳ හෙළමින් ගොවි පිරිස ඉදිරියට යාමටයි උත්සහ කර තිබුණේ.

කෙසේවෙතත් ඔවුන්ට ඉදිරියට පැමිණීම වැලැක්වීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට සමඟි ගොවි බලවේගය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර, තුෂාර ඉඳුනිල් යන මහත්වරුද රැඳී සිට තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...