අපේ එකෙක්වත්, අපට සම්බන්ධ එකෙක්වත් අපට නිකමටවත් කතා කරන්න එපා මත්ද්‍රව්‍ය අහුවෙලා කියලා – ඇමති වටගල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම යනු පක්ෂ පාට නොබලා, ආණ්ඩු විපක්ෂ භේදයකින් තොරව සිදුකරන්නක් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

“මේ ව්‍යසනය නැතිකිරීම වෙනුවෙන් අපි කවුද පෙනී නොසිටින්නෙ ? පන්සල තියෙනවා, පල්ලිය තියෙනවා, කෝවිල තියෙනවා. මම විශ්වාස කරනවා කිසිම දෙමව්පියෙක් කැමති වෙන්නෙ නෑ තමන්ගෙ දරුවෙක් මේවාට ඇබ්බැහි වෙනවාට. දෙමව්පියෝ මේකට විරුද්ධව ඉන්නවා. ඊටපස්සෙ විදුහල්පති සහ ගුරුවරුන් ඉන්නවා ඉස්කෝලෙට ගියාට පස්සෙ. පොලීසිය තියෙනවා. හැබැයි මේ සියල්ල අස්සෙත් මේකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ මේක තියෙනවානෙ ? ඒකනෙ වැඩේ …. අන්න ඒ තියෙන එක හඳුනාගෙන නිසා තමයි ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මේ වැඩේ ඉවර කරන්න තීරණයක් අරන් තියෙන්නෙ. ඒ තීරණය හරිම සක්‍රියයි කියන එක පේනවා, එතුමාගෙ අයවැය කතාව ඇතුළෙ පරිච්ඡේදයක් වෙන්කරලා තියෙනවා ‘රටම එකට’ ජාතික මෙහෙයුමට අදාළව. ඒක හින්දා ජනාධිපතිවරයාගේ අභිලාෂය හරි පැහැදිලියි. මේක ඇතුළෙ මුදල් ලෙස වෙන්කරලා තියෙනවා මූලිකව රුපියල් මිලියන 1500ක්. මේ වෙන්කරලා තියෙන මුදල් අනුව නම් මේක ආයෙ දෙකක් නෑ, ඉවර කරනවාම තමයි. අපේ එකෙක්වත්, අපට සම්බන්ධ කෙනෙක්වත් අපට නිකමටවත් කතා කරන්න එපා මෙවැනි නීතිවිරෝධී කටයුත්තකට අහුවෙලා කියලා. පොලිස් අධිකාරීතුමා ඇතුළු මේ නිලධාරී මණ්ඩලයට බලපෑම් කරන්නත් එපා. මේකට පක්ෂයක් පාටක් නෑ, ආණ්ඩුවද නැද්ද කියලා භේදයක් නෑ, කාටත් එක හැන්දෙන් බෙදන්නෙ”

සුනිල් වටගල මහතා මේ බව පැවසුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (09) පැවති විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...