කොළඹ LNW:ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති රටම එකට විශේෂ මෙහෙයුම යටතේ ඊයේ (10) දිනයේද පුද්ගලයින් රැසක් පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී දිවයින පුරා පුද්ගලයින් 31,594 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර සැකපිට පුද්ගලයින් 693 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 31 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
වරෙන්තුකරුවන් 288 දෙනෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම විවෘත වරෙන්තුකරුවන් 178 දෙනෙක්ද අත්අඩංගුවට පත්ව ඇති අතර බීමත් රියදුරන් 22ක් ද අපරික්ෂාකාරී ලෙස රියට පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 16ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මේ අතර රථවාහන වැරදි සඳහා පුද්ගලයින් 4,320කට නීතිය ක්‍රියාත්මක කිරීමටද පොලීසිය කටයුතු කර ඇත.
ආශිකා බ්‍රාහ්මණ


