සිස්ටම් චේන්ජ් මිත්‍යාව ….

Date:

ජ.වි.පෙ. ජයග්‍රහණය කරපු එකෙන් සිදු උන එකම හොඳ දෙය නම් ඒ අයටම ඒ අය ගැන තිබුන අධිතක්සේරුව පුස්සක් බව ඒ අයටම අවබෝධ වීම සහ රාජ්‍යය බලය යනු සියල්ල කල හැකි මැජික් පොල්ලක් නොවන බව ඒ අයටම අවබෝධ වීම.

ලක්ෂ දොලහට දෙනව කියූ විට්ස් කාර් එක ලක්ෂ දොලහට තියා කලින් බලයේ හිටි උන් දුන් මිලටවත් ඔවුන්ට දිය නොහැකිබව,
තෙල් මිල පහත හෙලිය නොහැක්කේ කාන්චගේ කොමිස් ප්‍රශ්නයක් නිසා නොව වෙනත් සංකීර්ණ තත්වයක් නිසා බව,
කන්තලේ සීනි ෆැක්ටෙරියෙන් ලංකාව ගොඩදැමීම වැනි සිල්ලර කතා හුදු විහිළු පමණක්ම බව
ඔවුන් බලයට නොපැමිණියේ නම් ඔවුන් කිසිදා අවබෝධකර නොගනු ඇත..

අවවර්ධිත ධනවාදය පවතින රටක රාජ්‍ය බලය ගෙන අල්ලස දූෂණය තුලම දියවී යනු මිසක එවන් බිමක අල්ලස දූෂණය තුරන්කිරීම කල නොහැක්කක් බවත්, මෙවන් පසුගාමී රටක අල්ලස් යනු සිස්ටම් එක දුවවන, බලය දෙන ක්‍රමයම බවත්, එය නතරවූ විට සිස්ටම් එක මෙසේ නතරවන බවත් ඔවුන් තව කල්ගතවී අවබෝධ කරගනු ඇත..

ඔවුන් ද අල්ලස තුළ දුෂණය තුළ ගිලීයන මොහොත ඇරඹෙන්නේ එය ඔවුන් අවබෝධකරගත් ඉක්බිත්තේ සිටය …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...