තමිල්නාඩු පොලීසියෙනුත් ශ්‍රී ලංකාවට ආධාර !

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඉන්දීය රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවේ තමිල්නාඩු පොලීසිය කටයුතු කර තිබෙනවා. අදාල මුදල තමිල්නාඩු ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති සයිලේන්ද්‍ර බාබු මහතා විසින් පසුගියදා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් මහතාට බාර දී තිබෙනවා.

ශ්‍රී ලාංකික ජනතාවට ආධාර උපකාර කිරීම සඳහා එම්.කේ. ස්ටාලින් මහතා විසින් විශේෂ අරමුදලක් පිහිටුවා ඇති අතර මේ වනවිට රුපියල් කෝටි ගණනක මුදලක් එකතු වී තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක සේවා සංගමයද පසුගියදා ඉන්දීය රුපියල් හයකෝටි හැටතුන් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...