ඉන්දියාවේ අවසන් මුස්ලිම් මන්ත්‍රීවරයාද පාලක පක්ෂය හැර යයි.

භාරතීය ජනතා පක්ෂයේ ඉතිරිව සිටි අවසන් මුස්ලිම් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වී තිබේ. ඔහු සුළුතර කටයුතු පිළිබඳ අමාත්‍ය මුක්තාර් අබ්බාස්ය. ඔහු පසුගිය බදාදා (06) දින ඉල්ලා අස්වූයේ සිය ධුර කාලය අවසන් වීමට දිනකට පෙර බව මාධ්‍ය අනාවරණය කර තිබේ. ”මගේ වැඩ අවසන්, නමුත් මගේ දේශපාලන හා සමාජ වැඩ කිසිදා අවසන් නොවනු ඇත,” නක්වි බ්‍රහස්පතින්දා ප්‍රාදේශීය පුවත් නාලිකාවක් වන NDTV නාලිකාවට පවසා තිබිණ.

මේ අනුව එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 395 දෙනා අතර සුළුතර ප්‍රජාවෙන් එක නියෝජිතයෙකු හෝ නොමැති තත්වයක් උද්ගතව ඇත.මෝඩි හින්දු සාරධර්මවලට අනුකූලව ඉන්දියානු සංස්කෘතිය නිර්වචනය කිරීමට උත්සාහ දැරිමත් සමඟ එතැන් සිට, මුස්ලිම් විරෝධී හැඟීම් අවුස්සන බවට අයිතිවාසිකම් කණ්ඩායම්, ක්‍රියාකාරීන් සහ විරුද්ධ පක්ෂ විසින් ආණ්ඩු පක්ෂයට නැවත නැවතත් චෝදනා කර ඇත.

නක්විගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ ඉන්දියාවේ හින්දු සහ මුස්ලිම් ප්‍රජාවන්ට අස්ථාවර අවස්ථාවක ය. මුහම්මද් නබිතුමා පිළිබඳව භාරතීය ජනතා පක්ෂ ප්‍රකාශක නූපූර් ෂර්මා විසින් කරන ලද අදහස් දැක්වීමෙන් පසු මෑත සතිවල ආගමික ආතතීන් ඇවිලෙමින් තිබේ. හින්දු සහ මුස්ලිම්වරුන් අතර ප්‍රචණ්ඩකාරී සහ මාරාන්තික ගැටුම් ඇති වී තිබේ. පසුගිය සතියේ මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු විසින් හින්දු ඇඳුම් මසන්නෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමත් සමඟ ගැටුම් උත්සන්න තත්ත්වයකට පත්ව ඇත.

ඉන්දියාවේ බිලියන 1.3 ක ජනගහනයෙන් පිළිවෙලින් 80% හින්ඳුන් වන අතර 14% මුස්ලිම්වරු වේ. මිලියන 200ක් පමණ මුස්ලිම්වරුන් සිටින අතර, ඉන්දුනීසියාව සහ පකිස්ථානයට පසුව ලෝකයේ තුන්වන විශාලතම මුස්ලිම් ජනගහනය සිටින රට ඉන්දියාවයි.

පසුගිය අට වසර ප්‍රාන්ත කීපයක් පුරා හින්දු දෘෂ්ටිවාදය තුළ මුල් බැසගත් මුස්ලිම්වරුන්ට විරෝධය ප්‍රචණ්ඩත්වය හා වෛරී ප්‍රකාශ පිළිබඳ වාර්තා රට පුරා සිරස්තල බවට පත් විය. මේ තත්වය අවම වශයෙන් මුස්ලිම් බහුතරයක් සිටින රටවල් 15කින් පමණ හෙළා දැක තිබූ අතර ඉන්දියාවේ ප්‍රධාන අරාබි වෙළඳ හවුල්කරුවන් අතර කැළඹීමක් ඇති කිරීමට සමත් විය. ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරන ලෙස ගල්ෆ් අවටින් ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර වශයෙන් භාරතීය ජනතා පක්ෂය සිය වෙබ් අඩවියේ සඳහන් කළේ පක්ෂය සියලු ආගම්වලට ගරු කරන බවයි. “ඕනෑම ආගමක ඕනෑම ආගමික පුද්ගලයෙකුට අපහාස කිරීම භාරතීය ජනතා පක්ෂය දැඩි ලෙස හෙළා දකී,” යනුවෙනි.

SM-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...