සෞභාග්‍යයේ දැක්ම ලියූ ගොඩහේවා වැනි අයටත් ජනාධිපති එපා වෙලාද ?

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවදුරටත් ධුරයේ රැඳී සිටීම සඳහා ජනතා බලයක් නොමැති බව පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසනවා. තවදුරටත් බලයේ සිටිමන් ජනතා විස්වාසය දිනාගත හැකි වනු ඇතැයි විස්වාස කළ නොහැකි බවද මන්ත්‍රීවරයා පවසනවා.

රටේ බහුතර ජනතාව අලුත් බලාපොරොත්තුවක් අපේක්ෂාවෙන් සිටින බවත්, ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ගොඩහේවා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

2019 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කළ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු වන නාලක ගොඩහේවා මහතා රාජපක්ෂ පවුලේ අතිශය සමීපතමයෙකු ලෙස කටයුතු කළ අතර එවැනි පුද්ගලයන් පවා අද වනවිට ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන ස්ථාවරයේ සිටී.

ජනතාවගේ විස්වාසය දිනා ගැනීමට නම් රටේ විශාල වෙනසක් සිදුවිය යුතු බව පෙන්වා දෙන නාලක ගොඩහේවා මහතා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයේ රැඳී සිටින තුරු එවැනි වෙනසක් සිදු නොවන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...