සටහන – පුලී
නොවැම්බර් 18, කොළඹ (LNW): කොම්ෆර්ට් ආහාරවලට රජෙක් සිටියා නම්, ඒ නිතැතින්ම කොෂාරි (කුෂාරි ලෙසද හැඳින්වේ) ඉහ ඉද්දර ඔටුන්න පැළඳ සිටිනු නොඅනුමානය. මෙම හෘදයාංගම රසයෙන් පිරුණු ඊජිප්තු වීදි කෑමකි. කටක් ගානේ හැපෙනසුළු ළූණු, ඇඹුලට හැපෙන තක්කාලි සෝස්, ටෙන්ඩර් පරිප්පු, කඩල සහ පාස්තා යන සියල්ල එකම බඳුනක රසයන් විවිධාකාරයෙන් ලබා දීමට සමත් වේ.

“කොෂාරි”
කොෂාරි යනු කාබෝහයිඩ්‍රේට්-ප්‍රිය කරන්නන්ගේ පාරාදීසයක් වන අතර සරල අමුද්‍රව්‍යවලින් අසාමාන්‍ය ආහාර නිර්මාණය කළ හැකි බවට කඳිම සාක්ෂියකි.
– හෘදයාංගම තෘප්තිය
– දිව උල් වන විනාකිරි-සුදුළූණු සෝස්
– මෘදුවට හැපෙනසුළු රසය
– පොකට් එකට හිතකාමී
එය උණුසුම් වැළඳගැනීමක් මෙන් දැනෙන ආකාරයේ කෑමක්…

කොෂාරි ඉතිහාසයෙන්!
කොෂාරි 19 වන සියවසේදී ඊජිප්තුවේ වීදි ආහාරයක් ලෙස ආරම්භ වූ අතර, බ්‍රිතාන්‍යයන්ගේ පරිප්පු සහ බත්, ඉතාලියානුවන්ගේ ද මීට ඉවහල් විය. කාලයත් සමඟ, ඊජිප්තුවරුන් මෙම මූලද්‍රව්‍ය අද්විතීය ජාතික ආහාරයක් බවට පරිවර්තනය කළහ. දැන් කයිරෝවේ සෑම අස්සක් මුල්ලක් නෑරම, එදිනෙදා කරත්තවල සිට ප්‍රසිද්ධ කොෂාරි සාප්පු දක්වා මෙම ආහාරය විකුණනු ලැබෙනු ඇත.
කොෂාරි සැකසීමට අවශ්‍ය ද්‍රව්‍ය;
බේස් එකට;
• සහල්
• දුඹුරු පරිප්පු
• මැකරෝනි හෝ පාස්තා
• කඩල (ටින් කළ හෝ පිසූ)
• හැපෙනසුළු බැදපු ළූණු
කුළුබඩු දැමූ තක්කාලි සෝස් සඳහා:
• තක්කාලි ඉස්ම
• සුදුළූණු
• දුරු
• මිරිස්
• විනාකිරි
• ලුණු සහ ගම්මිරිස්
“Da’a” (සුදුළූණු-විනාකිරි ඩ්‍රෙසින්ග් එක) සඳහා:
• අඹරන ලද සුදුළූණු
• විනාකිරි
• දෙහි යුෂ
• ජලය
• දුරු ස්වල්පයක්

“කොෂාරි” සාදා ගන්නා ආකාරය;
-පරිප්පු සහ සහල් පිස ගන්න.
• පරිප්පු මෘදු වන තෙක් තම්බා ගන්න.
• සහල් වෙන වෙනම පිස ගන්න.
-පාස්තා සකසා ගන්න.
-ටැන්ජි තක්කාලි සෝස් සැකසීම.
• සුදුළූණු බැදගන්න.
• තක්කාලි ඉස්ම, දුරු, මිරිස්, ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න.
• ඝන වන තෙක් තම්බා, පසුව විනාකිරි යොදා ගන්න.
-“Da’a” (සුදුළූණු-විනාකිරි ඩ්‍රෙසින්ග් එක) සකසා ගැනීම.
• අඹරන ලද සුදුළූණු., විනාකිරි, ලෙමන් යුෂ, ජලය, ලුණු සහ දුරු සමඟ මිශ්‍ර කර සකසා ගන්න.
සැබෑ ඊජිප්තු ජාතිකයෙකු මෙන් මේ සියල්ල එකට තට්ටු වශයෙන් බඳුනකට එක් කරන්න.
පිළිවෙලින්;
1. බත්
2. පරිප්පු
3. පාස්තා
4. කඩල
5. තක්කාලි සෝස්
6. උඩින් හැපෙනසුළු ළූණු
7. “Da’a” (සුදුළූණු-විනාකිරි ඩ්‍රෙසින්ග් එක)

කොෂාරි පොකට් එකටත් ලාභ, තෘප්තිමත්, සෞඛ්‍ය සම්පන්න සහ අසාමාන්‍ය ලෙස රසවත්, බඩ පිරෙන ආහාරයකි. එක් හැන්දකින් ඔබට එය ඊජිප්තුවේ වඩාත්ම ආදරණීය වීදි ආහාරය වන්නේ මන්දැයි හැඟෙනු ඇත.