නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW:
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ලෝක මට්ටමේ ඇති පරතරය විශාලයි.ඒත් ශ්‍රී ලංකාව මේ වන විට සිටින තත්ත්වය අනුව තරග මොහොතේ දී සිටින්නේ එම පරතරය පියවා ගැනීමට හැකි මට්ටමකයි.අර්බූදය ඇත්තේ නිශ්චිත මොහොතේදී නිවැරදි තීරණය ගැනීම සහ එකිනෙකා අතර ඇති සහසම්බන්ධයේ අඩුව තුළයි.තායිලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 4-0 ක් ලෙස ජය ලබා ගත් තරගයේදී ද වැඩිම වේලාවක් පන්දුව තායිලන්ත දැල ආසන්නයේ තබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණත් ඒවා ගෝල බවට පත් කිරීමේ හැකියාව නොලැබුණේ ඉහත කී දුර්වලකම් නිසයි.

ඒවා නැවත නැවත සිතිය යුතු දේවල් වන්නේ එම හේතු නැති කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය උසස් කර ගැනීමට හැකි නිසයි.එහි පළමු කාර්යය වන්නේ තරගයක් ඉලක්ක කරගෙන කෙටිකාලීන පුහුණුවකින් මෙපිට ශ්‍රී ලංකා කණ්ඩායම තුළ තිබෙන දක්ෂතා අතර සම්බන්ධීකරණය වර්ධනය කර ගැනීමට දිගු කාලීනව එකිනෙකා සමඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාවන් පුළුල් කිරීම තුළයි.අප නිතරම යෝජනා කරන්නේ මේ විදේශයන් හී සිට පැමිණෙන ලාංකිකයන්ගේ සේවය අගයන අතරේම ඔවුන් මේ පොළව තුළ පවත්වන විශේෂ තරගාවලියකට කණ්ඩායම් කිහිපයක් නිර්මාණය කර ලීග් තරගාවලියක් වැනි තරගයකින් සම්බන්ධ කරන ලෙසයි.නැතිනම් කාලය විසින් ගහපු බෙරයකුත් නැති නටපු නැටුමකුත් නැති තැනකට ලාංකේය පාපන්දුව පත් වීමේ අවදානමක් තිබෙනවා.

දිගුතාලීන සහ ස්ථාවර දක්ෂතා සහිත පාපන්දු පොළවක් ඇතුළේ සැකසෙන සර්වඥ කුලකයක දේශිය මෙන්ම සංක්‍රමණික පාපන්දු දක්ෂයන් දක්ෂතාවලින් සමානව රැදී සිටිනු දැකීම සිහිනය කරගෙන ක්‍රියාත්මක වීමේ අවශ්‍යයතාවය තායිලන්ත පරාජයෙන් හෝ තේරුම් ගැනීම වටිනවා.

කෙසේ නමුත් තායිලන්තය 4-0 ක් වූ ජයග්‍රහණයකට යාම වළක්වා ගැනීමට තිබුණ විශාලම බාධකය වුණේ ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරා අසනීප තත්ත්වය නිසා මේ තරගයට ක්‍රීඩා නොකිරීමයි.ලක්ප්‍රිය ප්‍රනාන්දු ඒ හිස් තැන පිරවීමට සපුරා සුදුසු වූයේ නැහැ.සමහර විට සුජාන් සිටියානම් තායිලන්තය මීට වඩා ගෝල ප්‍රමාණයක් ලබා ගන්නටත් ඉඩ තිබුණත්,සාමාන්‍ය දැක්ම අනුව ඔහු ගෝල රකින්නාව සිටියානම් අඩුම තරමේ එයින් ගෝල දෙකක් හෝ අඩු කර ගන්නට තිබුණා.

සුජාන් වැනි දැල් රකින්නෙකුගේ හිස් තැන ලක්ප්‍රිය වැන්නෙකුගෙන් පුරවන්න නොහැකියි යන්න අසාධාරණ තර්කයක් නොවුණත්,ඔහුගේ වගකීම සුජාන් නොමැති මොහොතක එම වගකීම ඉටු කිරීම නිසා ඔහු සූදානම්ව සිටීම මෙන්ම ඔහුව ඕනෑම මොහොතක සූදානම් කර තැබීමත් ඔහුත්,පුහුණු කාර්ය මණ්ඩලයත් භාරගත යුතු වෙනවා.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක පෙළ ලෙස නායක ක්ලෝඩියෝ මැතියස්,ගැරට් ක්‍රිස්ටෝපර් සහ ජේසන් ත්‍යාපරන් විශාල සේවයක් සිඳු කළ අතර එසේ නොවන්නට සමහර විට තායිලන්තයේ ගෝල ප්‍රමාණය මීට වඩා වැඩි වෙන්නටත් තිබුණා.
තායිලන්තයේ දැල් රකින්නා වූ පටිවාට් ඛම්මායි සහ ආරක්ෂක පෙළ අතර තිබුණ සම්බන්ධතාවය ඉතා ඉහළින් දකින්නට ලැබුණා.ඒ නිසා වැඩි අවස්ථා ගණනක් තායිලන්ත දැල ආක්‍රමණයට ශ්‍රී ලංකාවට ලැබුණ ඉඩ ප්‍රයෝජනයකින් තොරව ඉවත ගියා.එසේම ඔවුන්ගේ දක්ෂතාවය මෙන්ම නිවැරදිව පන්දුවට යොමු නොවීමේ අවස්ථා මෙන්ම පන්දුව නිසි පරිදි යොමු නොකිරීමද එහිදී හේතු වශයෙන් දකින්නට ලැබුණා.

පළමු අර්ධයේ දී තායිලන්තය ලබා ගත්තේ එක් ගෝලයක් පමණයි.තරගය ඇරඹී හත්වන විනාඩියේදී ලැබුණ එම ගෝලය තානාවාට් සුවෙන්ග්ගිට්ටවෝන් විසින් ලබා ගත්තේ අනපේක්ෂිතව ඉතා දුර සිට කරන ලද ප්‍රහාරයකින් වන අතර ඒ සඳහා ප්‍රතික්‍රියා දැක්විම ලක්ප්‍රිය අතින් සිඳු වූයේ ප්‍රමාදවයි.එතැන් සිට ශ්‍රී ලංකාව තරගය අවතීර්ණව වැඩි කාලයක් තමන්ගේ දෙපය අතරේ පන්දුව රඳවා ගනිමින් පළමු අර්ධය 1-0 ක් ලෙස නිමා කරන්නට සමත් වුණා.
දෙවන භාගයේදී මුල් කාලය තුළ ශ්‍රී ලංකාව වැඩි අවස්ථාවක් පන්දුව තබා ගෙන සිටි අතර තායිලන්තය මත පීඩනය යෙදි තිබුණ බව පෙනෙන්නට තිබුණා.එහෙත් තරගයේ 66 වන විනාඩියේදී සූන්සොප් බෙල් හිසින් පන්දුව එල්ල කර ලබා ගත් ගෝලයත් සමග ශ්‍රී ලංකාවේ ග්‍රහණය යම් ආකාරයකින් ලිහිල්ව පන්දුව හුවමාරුවේ තිබුණ විධිමත් බව ද බිදී ගියා.එයට වන්දි වශයෙන් පන්දා හෙන්විබූන් 77 වන විනාඩියේදී සහ නැවතත් සූන්සොප් බෙල් තරගයේ අවසාන විනාඩියේදී ද ගෝල දෙකක් තායිලන්තයට ලබා දෙන්නට සමත් වෙනවා.

ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව තායිලන්තයට පැරදුණ දෙවන අවස්ථාව මෙයයි.පළමු තරගයට වඩා මේ 4-0 පරාජය දරුණුයි.එහෙත් කණ්ඩායම් දෙක ලෝක මට්ටමෙන් සසැදීමේදී තායිලන්තයට එරෙහිව ඇතැම් අංශවලින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිය අතර හැකියාවන් පලදායි පරිසමාප්තියක් කරා ගෙන යාමට දැක් වූ අපොහසත්භාවය ගැන අවධානය යොමු කළ යුතු වෙනවා.එය අනොන්‍ය අවබෝධයේ අඩුව නිසා ද සිඳුවිය හැකි නිසා මේ ක්‍රීඩකයින් කණ්ඩායම් කිහිපයකට එකිනෙකා සමඟ තරග වඳින ලෙසත් වැඩි ලාංකේය දක්ෂයන් පිරිසකට මේ ක්‍රීඩකයින් සමඟ ගැටෙන්නට හැකි ලෙස තරග ව්‍යහුයක් ඇති කිරීමත් මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන ක්‍රියාවලියේ උපරිම පල නෙලා ගන්නට අවශ්‍යය වෙනවා.

ජස්වර් උමාර් 2026 දී පවසන වෙනස්වීම්වලට එම කාරණය අනිවාර්යෙන් ඇතුළත් කරන්නට හැකි වුවහොත්,ඔහු නික්ම ගිය දිනෙක වුව ශ්‍රී ලංකාවේ පාපන්දුවේ සංවර්ධනය ගැන කතා කරද්දී අනාගත ජයග්‍රහණවලදී ජස්වර්ගේ නම අමතක කළ නොහැකි නමක් වනු ඇත.එය සිටින තාක් ද නොසිටින විටත් සිහිවන නමක් කරනවාද යන ජස්වර්මය තීරණ මත රැදී තිබෙනවා ඇත.


