දයාසිරි ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්!

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව එම කමිටුව පත්කර ඇති අතර නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි පන්නිලගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර එහි සෙසු සමාජිකයින් ලෙස නම් අකර ඇති බවයි ඒ ගැන දැනුම් දෙමින් අද (19) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා දැනුම් දුන්නේ.

පසුගිය සැප්තැම්බර් 24 වනදා සභා ගර්භය තුළදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් සෙයාබැලීම සඳහා මෙම කමිටුව පත් කර ඇත.

“2025 සැප්තැම්බර් 24 වනදා සභා ගර්භය තුළදී පාර්ලමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා සැප්තැම්බර් 25 වනදා දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරිපත්කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සභාපතිත්වයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි පන්නිලගේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ සාමාජිකත්වයෙන් යුත්ත ත්‍රිපුද්ගල කමිටුවක් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි.” යනුවෙන් කථානායකවරයා එම දැනුම් දීම සිදුකරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...