වර්ෂාවේ සළකුණකුදු නොමැති සෝමාලියාව දැඩි නියඟයක

Date:

මිලියන හතරකට ආසන්න ජනතාවක් සාගින්නෙන් පෙළෙන සෝමාලියාව දශක හතරකට පසු එහි දරුණුතම නියඟය අත්විඳිමින් සිටීයි. සෝමාලියානුවන් එඬේරුන් වන අතර, ආහාර සඳහා තම පශු සම්පත් මත රඳා පවතියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, අඛණ්ඩ නියඟය හේතුවෙන් පශු සම්පත් මිලියන තුනක් පමණ මිය ගොස් ඇති අතර 805,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇත. රටේ ජනගහනයෙන් අඩක් පමණ වන සෝමාලියානුවන් මිලියන 7.1 කට ආසන්න පිරිසක්, උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයකට මුහුණ දී සිටින බව කියැවේ.

මේ වන විට නියඟය හේතුවෙන් ගංඟාවන් සිඳී ගොස් ඇත. ඉහළ අහස වළාකුළු රහිතවන අතර සුළඟ උණුසුම් හා වියලිව ඇත. වර්ෂාවක සළකුණකුදු නොමැත. බඩ ඉරිඟු, බෝංචි වැනි බෝග වගා කළ ගොවියන්ට ජලය නොමැතිව යාමෙන් ගොවිපලවල් ඉරිතැලී විනාශව ඇත. බොහෝ දෙනා අනාථ කඳවුරුවල ආරක්ෂාව පතා යමින් ඇත. යන අතරමඟ පිපාසය හා සාගින්න හේතුවෙන් මිය යන ජීවිත සංඛ්‍යාව සුළු පටු නොවේ. ‘අපිට උදව් කරන්න කවුරුත් නෑ’ලෙසයි අවතැන් වූවන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ.

අවතැන් වූවන් පවසන්නේ කඳවුරු තුළදී පවා උපකාර ලබා ගැනීම දුෂ්කර බවයි. පවුල් 500කට පමණ මේ වන විට දැඩි හිරු රශ්මියෙන් සහ තද සුළඟින් බේරීමටවත් නවාතැන් නොමැත.

දරුවන් ‌බොහෝවිට මන්දපෝෂණයෙන් හා අස්ථීර සෞඛ්‍ය තත්වයන්ගෙන් පීඩා විඳින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ජනවාරි මාසයේ සිට නැගෙනහිර අප්‍රිකානු රට පුරා මධ්‍යස්ථානවල මන්දපෝෂණය සහ රෝග හේතුවෙන් අවම වශයෙන් ළමුන් 200 ක් මිය ගොස් ඇත.

සෝමාලියාවේ නියඟ ප්‍රතිචාර දැක්වීමේ විශේෂ ජනාධිපති නියෝජිත අබ්දිරහ්මාන් අබ්දිෂාකුර් වර්සාමේ අල් ජසීරාට පවසා තිබුණේ “අපි දේශගුණික විපර්යාස ඇති කරන අය අතර නොසිටින නමුත් අපි එහි ගොදුරු වෙමු.පසුගිය වසර 30 තුළ දේශගුණික විපර්යාස සහ අනාරක්ෂිතභාවය හේතුවෙන් නියඟ 12 ක් සහ ගංවතුර 16 ක් ඇති වී තිබේ. සෝමාලියානු ජනතාව ඉන්නේ ගංවතුර සහ නියඟ අතර.”

සෝමාලියාවේ තිරිඟුවලින් සියයට 90කට වඩා වැඩි ප්‍රමාණයක් පැමිණියේ යුක්රේනයෙන් සහ රුසියාවෙනි. එහි පවතින යුද්ධය හේතුවෙන් තිරිඟු මිල අහස උසට නැඟ ඇත. නියඟයෙන් පීඩා විඳින මිනිසුන් දරිද්‍රතාවයටද තල්ලු වී ඇත. “අපි දෙවියන්ට කන්නලව් කරනවා හොඳ වැස්සක් ලැබේවා කියලා. මේ ස්ථානයේ ජීවත් වී ආහාර හිඟාකෑමට කිසිවෙකු කැමති නැත. ඒකේ කිසිම ගෞරවයක් නැහැ.” ලෙසයි කඳවුරුවල සිටින්නන් අල් ජසීරාවට ප්‍රකාශ කර තිබුණේ.

SM-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...