ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සන්නාමයක් වන “හේමාස්” ඕමාන වෙළඳපොළට පිවිසීමට සූදානම් වෙයි


ශ්‍රී ලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කොටස්කරුවෙකු වන වසර 72ක් පැරණි හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම (Hemas Holding PLC) ඕමාන වෙළඳපොළට පිවිසීමට නියමිතය.

සමස්ත ඕමාන පෞද්ගලික ආයතන අංශයේ එකම නියෝජිතවරයා වන ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (OCCI) සභාපති ඉංජිනේරු රේදා ජුමා අල් සලේහ් මහතා හමු වූ ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා සහ ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා හේමාස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර කවින්ද්‍ර කසුන් සිගේරා මහතා විසින් මෙම අවස්ථාවේ දී හේමාස් සන්නාමය හඳුන්වා දෙනු ලැබීය.

හේමාස් නිෂ්පාදන ඕමාන වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ ක්‍රම සහ විධි මෙන්ම සුල්තාන් රාජ්‍යයේ හේමාස් නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අනාගත අභිප්‍රාය පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ. මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ව්‍යාපාරික සම්බන්ධතා ඇති කර ගැනීමේ පරමාර්ථයෙන් ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා හේමාස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සහ මස්කට් ෆාමසි
(Muscat Pharmacy) (එෆ්එම්සීජී අංශය), කොන්කෝඩියා ව්‍යාපාර සමූහය (Concordia Group), ෆියුචර් වෙල් ට්‍රේඩින්ග්ස් (Future Well Trading) වෙළඳ සමාගම,ලුලූ (Lulu) අති සුපිරි වෙළඳසැල් ජාලය මෙන්ම ස්පා (SPAR) සුපිරි වෙළඳසැල් ජාලය ඇතුළු ඕමානයේ ව්‍යාපාරික සගයන් අතර ව්‍යාපාරාන්තර රැස්වීම් මාලාවක් සඳහා පහසුකම් සපයන ලදි.

හේමාස් පාරිභෝගික භාණ්ඩ සමාගම නිරත වූ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සංචාරය සම්බන්ධීකරණය කළ එම්එස් හෝල්ඩින්ග් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික උපදේශක දිනේෂ්කුමාර් කාර්තිගේසු මහතා ද මෙම නියෝජිත පිරිස සමඟ එක්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...