මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

Date:

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික මෙහෙයුමක් ක්‍රියාන්ත්මක කරමින් සිටියදී එය කඩාකප්පල් කිරීම සඳහා විවිධාකාරයේ දේශපාලන පෙළගැස්වීම් සිදුවෙමින් පවතින බවත් ඔවුන්ට මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ දේශපාලන ආරක්ෂකයින් බවට පත්වීමට නම් තමන් ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

“මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල ප්‍රමාණයක් විදෙස් රටවලට පළා ගිහින් තිබෙනවා. එයින් සැලකිය යුතු ප්‍රමාණයක් අපි අත් අඩංගුවට අරන් ගෙනල්ලා තිබෙනවා. තව කණ්ඩායම් ඒ විදෙස් රටවල අත් අඩංගුවේ ඉන්නවා. ඔවුන් ගේන්න සැලසුම් කරලා තිබෙනවා. තවත් පිරිස් සැඟවිලා ඉන්නවා, ඔවුන්ව අත් අඩංගුවට ගන්න සැලසුම් කරලා තිබෙනවා. මේ ජාලයේ මුදුන බිඳින්න ඕනෙ. ඊළඟට මේකෙ දෙවැනි ලේයර් එකක් තිබෙනවා මේ රට ඇතුළෙ. මූලික බෙදාහැරීමේ ජාලය. ඒකත් බිඳින්න ඕනෙ. ගම දක්වාම අවසානයේ ඉන්නවා, අර ග්‍රෑම් 4 – 5ක් අතේ තියාගෙන බෙදන අය ඉන්නවා, ඒ දක්වාම මේක මුලිනුපුටා දමන්න ඕනෙ. මුළුමනින්ම සුද්දයක්. මතක තබාගන්න. ඉතින් ඒක අඛණ්ඩ මෙහෙයුමක්. අඛණ්ඩව අපි මේක කරගෙන යනවා.

සමහර අය උත්සාහ කරයි වෙන වේශයන්ගෙන් මේක යටගහලා වෙන දිශාවකට සමාජය කැඳවන්න. ඒක තමයි වැඩේ. මේක වෙලා තියෙනවා ලෝකෙ. හයිටියේ ජනාධිපතිවරයා ඝාතනය කළා. මෙක්සිකෝවෙ ජනාධිපති අපේක්ෂකයාව ඝාතනය කළා. සමහර රටවල අත් අඩංගුවට ගත්ත ඒ නායකයින් නිදහස් කරගැනීම සඳහා මහජන උද්ඝෝෂණ ලෑස්ති කරලා තිබුණා. අත් අඩංගුවට අරන් ඉන්න ප්‍රධාන කුඩු ව්‍යාපාරිකයො නිදහස් කරන්න උද්ඝෝෂණ. ඇයි, ධනය තියෙනවා. මේගොල්ලො ඇති තරම් මේ ධන මුදාහරින්න පුළුවන් විවිධාකාරයෙන්. සාමාන්‍යයෙන් කුඩු කිලෝ තුන්සීයක් කියන්නෙ කෝටි 650ක් වගේ. හිතන්නකො. ඒ මෙහෙයුම අඩාල කරන්නෙ මේ මෙහෙයුමේ ඉන්න නිලධාරියාව ඉලක්ක කරගෙන විතරක් නෙවෙයි. තව පැතිවලින් මේක අඩාල කරන්න පුළුවන්. මේ මෙහෙයුමේ දිශානතිය වෙනස් කරන්න විවිධ මහජන උද්ඝෝෂණ නැගිට්ටවන්න, විවිධාකාරයේ ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් උත්සන්න කරන්න, නැති ප්‍රශ්න ඇති කරන්න, එහෙම තමයි අපේ මේ ජාතික මෙහෙයුමට එරෙහිව ඒ පැත්තේ ක්‍රියාන්විතය යන්නෙ. අපි මේක නවත්වනකොට ඔවුන් සැඟවිලා එනවා. මේ නිලධාරීන් සහ ඔවුන්ගෙ පවුල්වල අය ඉලක්ක කරනවා. ඒක තමයි පෙනෙන හස්තය. හැබැයි නොපෙනෙන හස්තයක් තිබෙනවා. ඒ මොකක්ද ? රජයේ මේ අරමුණ දිය කරන්න, බොඳ කරන්න, වෙන දිශාවකට යොමුකරන්න වෙන කුමන්ත්‍රණයක්. මහජන උද්ඝෝෂණ, පෙළපාලි, මුදල් යෙදවීම් හරහා ඇති කරන්න පුළුවන්. ඒක අපි බලාගන්නම් අපේ දේශපාලන පෙරමුණේදී. අපේ මේ සටනට එරෙහිව නැගිටින විනාශකාරී දේශපාලන පෙරමුණ අපේ දේශපාලන පෙරමුණෙන් පරාජය කරන්නම්, ඒක අපේ දේශපාලන වැඩේ. රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන අපි කිසිසේත්ම එම දේශපාලන පෙරමුණ සඳහා උපයෝගී කරගන්නේ නැහැ. මම ජනාධිපතිවරයා ලෙස මේ වැඩේ කරන්නම්, පක්ෂ නායකයෙක් ලෙස අර වැඩේ කරන්නම්.

මොකද අපි මෙහෙම ජාතික මෙහෙයුමක් කරනකොට ඒක කඩාකප්පල් කිරීම සඳහා විවිධාකාරයේ දේශපාලන පෙළගැස්වීම්, මේ ව්‍යසනයේ දේශපාලන ආරක්ෂකයින් බවට පත්වීමට නම් අපි ඉඩ දෙන්නේ නැහැ. ඇහෙන්නත් එක්ක කියන්නම් අහල පහළ ඉන්නවා නම් හොඳේ”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ අද (20) තංගල්ලේදී පැවති “රටම එකට” ජාතික මෙහෙයුමේ මහජන රැලිය අමතමිනි.

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකළේ හෙට (21) දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් කොළඹදී ආණ්ඩු විරෝධී රැලියක් පැවැත්වීමට නියමිතව තිබියදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...