ජනපති මන්දිරයේ ආරක්ෂක මුරකාවල් එකිනෙක බිඳ වැටෙද්දී රනිල් සිය නිවසේ ආරක්ෂාව තර කරයි

Date:

මේ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ, කොල්ලුපිටියේ පිහිටි නිවස වටා දැඩි ආරක්ෂක රැකවල් දමා තිබෙන බව වාර්තා වේ. ඒ අරගලකරුවන් එම නිවස වෙතද පැමිණීමට ඉඩ තිබෙන නිසාය.

කොළඹට එක්රොක් වූ අරගලකරුවන් ජනාධිපති මන්දිරය වටා ස්ථාපිත කර තිබූ ආරක්ෂක මුරකපොලු බිඳ දමමින් ජනාධිපති මන්දිරයට පිවිසීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මේ වනවිට අරගලකරුවන් විශාල ප්‍රමාණයක් ජනාධිපති මන්දිරය තුළට පිවිස ඇති අතර තවත් විශාල පිරිසක් ජනාධිපති මන්දිරයේ උද්‍යානවල රැඳී සිටී.

මේ අතර තවත් දස දහස් ගණනක් ජනතාව දුම්රිය හරහා සහ පා ගමනින් ජනාධිපති මන්දිරය වෙත පැමිණෙමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“බලය” පිළිබඳ කතන්දර : පැණි වරකාවලට හෙන ගැසීම

හිරු නාලිකාවට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊට...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...