ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW

සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලබන ජාතික ආධුනික වොලිබෝල් තරගාවලියේ තරග ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටිනවා.


මේ අනුව බස්නාහිර පළාත් තරග නොවැම්බර් 23 වන දා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.එම තරග පැවත්වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයේ වලගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී යි.
පළාත් නවයම නියෝජනය කරමින් කණ්ඩායම් 2000 ක් පමණ මෙවර තරගාවලියට එක්ව තිබෙන අතර පළාත් තරගවලින් ජය ගන්නා කණ්ඩායම ජාතික තරගාවලිය කර ගෙන එන්නට සූදානම් කර තිබෙනවා. පිරිමි සහ කාන්තා ලෙස පළාතකින් ජාතික තලයට කණ්ඩායම් දෙකක් පැමිණෙන නිසා ජාතික මට්ටමේ දී කාන්තා සහ පිරිමි යන දෙ‘අංශයෙන්ම කණ්ඩායම් 18 ක් තරග වැදීමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...