මාධ්‍යවේදිනී මනෝහාරී ගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ

Date:

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරියක හා සාහිත්‍යවේදිනියක වන මනෝහාරී හේවාවසම් මහත්මියගේ මෑණියන් වන එච්.එම්.ඒ සමරසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මහනුවර ගුරුදෙනියේ පදිංචිව සිටි ඒ මහත්මිය මියයනවිට 78 වන වියෙහි පසුවූවා ය.

ඇගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කර ඇති අතර, අවසන් කටයුතු ඉරිදා (10) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

මේ ඒ පිළිබඳව මනෝහාරී හේවාවසම් මහත්මිය තැබූ ෆේස්බුක් සටහනකි.

මා ආදරය ලදිමි

ඒ ඔබ ජීවිතය මට දුන් බැවිනි

මා ජීවිතය ලදිමි

ඒ ඔබ මට උපත දුන් බැවිනි

අම්මා…මගේ විසල් ප්‍රේමයයි

මා ලැබූ සියල්ලේ උල්පතයි

ඔබෙන් හිස් වූ ජීවිතය කිසිවක් නොවේ ..

ගිහිං එන්නම් නොකියාම ඔබ ගියත්

මම යනුත් ඔබමයි …

ඉතිං සුබගමන් මගේ සුද්දී …!!!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...