මාධ්‍යවේදිනී මනෝහාරී ගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරියක හා සාහිත්‍යවේදිනියක වන මනෝහාරී හේවාවසම් මහත්මියගේ මෑණියන් වන එච්.එම්.ඒ සමරසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මහනුවර ගුරුදෙනියේ පදිංචිව සිටි ඒ මහත්මිය මියයනවිට 78 වන වියෙහි පසුවූවා ය.

ඇගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කර ඇති අතර, අවසන් කටයුතු ඉරිදා (10) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

මේ ඒ පිළිබඳව මනෝහාරී හේවාවසම් මහත්මිය තැබූ ෆේස්බුක් සටහනකි.

මා ආදරය ලදිමි

ඒ ඔබ ජීවිතය මට දුන් බැවිනි

මා ජීවිතය ලදිමි

ඒ ඔබ මට උපත දුන් බැවිනි

අම්මා…මගේ විසල් ප්‍රේමයයි

මා ලැබූ සියල්ලේ උල්පතයි

ඔබෙන් හිස් වූ ජීවිතය කිසිවක් නොවේ ..

ගිහිං එන්නම් නොකියාම ඔබ ගියත්

මම යනුත් ඔබමයි …

ඉතිං සුබගමන් මගේ සුද්දී …!!!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...