මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත් වූ ඊයේ දිනයේදී ලක්ෂ ගණනක් ජනතාව කොළඹ නගරය වෙත ඇදී ආ අතර අවසානයේදී ඔවුන් ජනාධිපති මන්දිරය මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයද සිය පාලනයට නතුකර ගැනීමට සමත් විය. කෙසේ නමුත් ඒ වනවිටත් ජනාධිපතිවරයා ආරක්ෂිතව පළාගොස් තිබිණි.
08 වැනිදා පස්වරුවේ සිට අරගලකරුවන් කොළඹ නගරය වෙත පැමිණීම ආරම්භ කළ අතර කැලණිය විශ්වවිද්‍යාලය අසල සිට පා ගමනින් පැමිණි විශ්වවිද්‍යාල සිසුන් කොටුව ප්‍රදේශයේ දිගින් දිගටම රැඳී සිටියේය. ඒ වනවිටත් ගෝල්ෆේස් අසල ගෝඨා ගෝ ගම අරගල භූමිය වෙත තවත් දහස් ගණනක් එක්රොක් වී සිටියේ ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතියද නොතකාය.
ප්‍රවාහන අපහසුතා මධ්‍යයේ ඊයේ උදෑසන සිට දස දහස් ගණනින් ජනතාව කොළඹ නගරය වෙත පැමිණි අතර මාර්ග බාධක එකිනෙක බිඳ දමමින්, කඳුළු ගෑස්, අධිපීඩන ජල ප්‍රහාර පරයමින් අරගලකරුවන් ජනාධිපති මන්දිරය වෙත පැමිණි අතර අවසානයේදී ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකිවිය. ඉන්පසු ජනාධිපති ලේකම් කාර්යාලයද අරගලකරුවන්ගේ පාලනයට නතු විය.
අද උදෑසන වනවිටත් ජනතාව විශාල ප්‍රමාණයක් ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අවට රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
UN