පොහොට්ටුව කෑලි කෑලිවලට කැඩෙන ලකුණු – අලුත් පක්ෂයකුත් එයි !

Date:

පවත්නා අර්බුදකාරී තත්වය හමුවේ මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම කොටස් කිහිපයකට කැඩීගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. කුමන අර්බුද මධ්‍යයේ වුවද එකට එක්ව සිටි රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ද විවිධ හේතු මත බෙදී වෙන්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මාස කිහිපයකට පෙර විමල්-ගම්මන්පිල-වාසු ඇතුළු හවුල්කාර පක්ෂවල කණ්ඩායම ඉවත්ව ගිය අතර ඉන් අනතුරුව අනුර ප්‍රියදර්ශන යාපා-ලන්සා ඇතුළු කණ්ඩායමක් ස්වාධීන විය. මීට අමරතව ඩලස් අලහප්පෙරුම, චන්න ජයසුමන ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් වෙනම කණ්ඩායමක් ලෙස එක්ව ඇති අතර, ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි ඉල්ලමින් ඔවුන් ඊයේ ලිපියක්ද යොමුකර තිබිණි.

මේ අතර ප්‍රසන්න රණතුංග, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් වෙනම කණ්ඩායමක් ලෙස සාකච්ඡා කරමින් සිටින අතර ඔවුන් අලුත් පක්ෂයක් සකස් කර ගැනීම සඳහාද සූදානම් වේ. මේ වනවිටත් එම කණ්ඩායම, දැනට මැතිවරණ කොමිසමේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් තෝරාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම කණ්ඩායම රාජපක්ෂවරුන් තම පක්ෂයට සම්බන්ධ කර ගන්නේද යන්න පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර එහිදී බොහෝදෙනාගේ අදහස වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හැර වෙනත් කිසිදු රාජපක්ෂ කෙනෙක් පක්ෂයට සම්බන්ධ නොකර ගත යුතු බවයි.

කෙසේ වෙතත් එල්ල වන දැඩි ජනතා විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් දේශපාලන පිටිය තුළ සිටිනු ඇතැයි විස්වාස කළ නොහැකිය. ලබන 13 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිටත් ප්‍රකාශ කර ඇති අතර බොහෝදුරට ඔහු යළිත් ඇමරිකාව බලා පිටත්ව යනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...

ජාතික ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම්වලට තෝරා ගැනීම් සඳහා පරීක්ෂණ

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 28...

අභියාචනාධිකරණයේ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල්, රොහන්ත අබේසූරියගේ නම යෝජනා වේ!

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත...