බදුල්ලේ නායයෑම්වලින් 4 දෙනෙකු මරුට. 9 දෙනෙකු අතුරුදන් !

0
454

සටහන – රුවන් නෙළුගොල්ල

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් 4 දෙනෙකු මරුමුවට පත්ව තිබේ.

එම නායයෑම් හේතුවෙන් තවත් පුද්ගලයින් 9 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සඳහන් කළේ.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටී.