*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ප්‍රභාත් සහ කමිඳුගේ මංගල ප්‍රවේශය

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පළමු තරගය බොහෝ විට ඉතා හොඳ ප්‍රතිපල අත්පත් කර දී නැත.අත්දැකීම් සමඟ වැටෙමින් ලොවම ගරු කරන ක්‍රීඩකයෝ බවට පත් වෙන්නේ ඉතාමත් අපහසුවෙන්ය.ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙක්ව සිටි හැඩකාර පිතිකරුවෙක් වූ මාවන් අතපත්තු මේ සම්බන්ධ හොඳම උදාහරණයක්ය.ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් ජිවිතයේ ආරම්භයේ මුල්ම අවස්ථා කිහිපය තුළ නම ඉදිරියේ ලකුණු ලෙස සටහන් වුයේ බින්දුය.
පන්දු යවන්නන් වුව ද එබඳුය.මුරලිදරන්ගේ ආරම්භය සිඳු වූයේ එදා සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවය.ඇලන් බෝඩර්ගේ එම කණ්ඩායම ද එවකට ලොව සිටි හොඳම කණ්ඩායම විය.මුරලි පළමු ඉණිමේ කඩුල්ලක් ද දෙවන ඉණිමේ කඩුලු දෙකක්ද දවා ගත්තා හැරෙන්න විශාල යමක් නොකළ පන්දු යවන්නෙක් විය.
නමුත් මේ මොහොතේ ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙස වර්ගීකරණය වී සිටින ඕස්ට්‍රේලියාව ඉදිරියේ ක්‍රීඩකයෝ තිදෙනෙක් සිය පළමු ටෙස්ට තරගයට සහභාගි වෙමින් සිටිති.ඒ ප්‍රභාත් ජයසූරිය,කමිඳු මෙණ්ඩිස් සහ මහේෂ් තීක්ෂණය.පළමු තරගය දැවන්ත පරාජයකින් නිමා කර සිටින මොහොතක මොවුන් කණ්ඩායමට කැඳවන්නේ පරාජය ජයග්‍රහණයක් බවට පෙරළා ගත හැකි විශේෂඥ ක්‍රීඩකයින් හැටියටත් නොවේය.කොවිඩ් තත්ත්වය හේතුවෙන් තරඟ කරන්නට නොහැකි වන ස්ථාවරව කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින්ට ආදේශකයක් හැටියට ය.
ඒ අතරින් තමන්ට පැවරුණු “ස්පෙයාර් වීල්” රාජකාරිය ප්‍රභාත් ජයසූරිය ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තාගත අයුරින් සිය ප්‍රථම ටෙස්ට් ඉණිම නිමා වෙන විට හමාර කර අවසන්ය.ඔහු සිය ප්‍රථම ඉණිම නිමා කරේ ලකුණු 118 ට කඩුලු 6 ක් ලබා ගනිමින්ය.මාතලේ ක්‍රිස්තුදේව සහ කොළඹ ලුම්බිණියෙන් නිර්මාණය වූ ක්‍රීඩකයෙක් වන ප්‍රභාත් දීර්ඝ කාලයක් මේ අවස්ථාව වෙනුවෙන් සටන් වැදි ක්‍රීඩකයෙක්ය.දැනටත් තිස් හැවිරිදි වියේ පසුවන ප්‍රභාත් තමන්ට වඩා බාලයන් තමන් පසු කර යද්දි අවස්ථාව තෙක් ඉවසමින් රැදී සිටි ක්‍රීඩකයෙක්ය.ඔහු ඒ ඉවසීම හරහා අහම්බෙන් උදා වූ අවස්ථාව හරියටම භාවිතයට ගත්තේය.සිය මංගල ටෙස්ට් තරගයේදී හොඳම පන්දු යැවීම කර ඇත්තේ ප්‍රවීන් ජයවික්‍රමය.ඒ ලකුණු 92 ට කඩුල් 6 ක් ය.ප්‍රභාත් ලකුණු 118 ට කඩුලු 6 ලබා ගැනීම සිදු කරමින් ප්‍රවීන් හා සමාන කඩුලු සංඛයාවක් දවා ගන්නේ ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායමට එරෙහිවය.
කමිඳු මෙණ්ඩිස් ද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දොරකඩට වී බොහෝ කාලයක්ය.කණ්ඩායමේ ආකෘතිය අනුව අවස්ථාව ලබා ගැනීමට ඉවසා සිටින්නට වූ කාලය වසර කිහිපයක්ය.ඒ ඉවසීම වෙනුවෙන් ඔහුට අහම්බයෙන් හිමි වූ අවස්ථාව සරසන්නට අභියෝගාත්මක ලකුණු 61 න් දායක වෙන්නට තරම් ශක්තිමත් විය.කමිඳු තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ය.ඕසට්‍රේලියාව ලකුණු 364 ක් දක්වා යනකම්ම කමිඳුට පන්දුව අතට ලැබුණේ නැත.සමහර විට එය එසේ වූවානම් කමිඳු පළමු ටෙස්ට් ප්‍රවේශය තුන් ඉරියව් දක්ෂකමකින් හමාර කරන්නට ද ඉඩ තිබිණි.(තවම තරගය අවසන් නැති බැවින් තවම ඉඩද ඇත)
සිය පළමු ඉණිමේ සාර්ථක වීමේ දුලබ ගතිය කමිඳු විදහා පෙන්වූයේ ස්ථාවර ස්ථානයක් කණ්ඩායමේ ඇති අයෙක් ලෙස නොවේය.ස්ථාවර වීමට අවශ්‍යය අභියෝගයට මුහුණ දෙමින්ය.වැදගත් එම තත්ත්වය ය.ගාල්ල රිච්මණ්ඩ් විද්‍යාලට මෑත කාලයේ ජාතික මට්ටමට බෝ කරන ක්‍රිකට් ක්‍රීඩක තවානෙන්ම නැඟෙන කමිඳුට ප්‍රභාත්ට වඩා කාලයක් ඇත.ඔහු තවමත් 24 හැවිරිදිය.එසේම ඔහුට ගෙදර තුළට ක්‍රිකට් අභියෝගයක් ඇත.ඒ දක්ෂ තරුණ ක්‍රීඩකයෙක් වන සඳුන් මෙණ්ඩිස් කමිඳුගේ බාල සහෝදරයා වන නිසාය.
ප්‍රභාත් හා කමිඳු තමන්ට අහමබෙන් ලැබුණු වගකීම මැනවින් ඉටු කර ඇත.ඒ තත්ත්වයට සළක්නනේ කොහොමද කියන කාරණය දැන් ඇත්තේ තේරීම් කමිටුව අතේය.එසේම ප්‍රභාත් සහ කමිඳු ද දත යුත්තක් ඇත.ලැබෙන හැම මොහොතේදීම තියෙන අභියෝගාත්මක පරිසරය ඇතුළත් තමන් අහම්බයන් නොවන බව ඔප්පු කිරීමට වග බලා ගත යුතුය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan