දුම්රිය ධාවනයත් නවතී !

0
1013

සටහන – රුවන් නෙළුගොල්ල

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද (28) උදෑසන 06.00න් පසු අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන අය වෙනුවෙන් දුම්රිය කිහිපයක් හැර සියලුම මාර්ගවල දුම්රිය ධාවනය අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි දුම්රිය මෙහෙයුම් අතිරේක සාමාන්‍යාධිකාරී චන්ද්‍රසේන බණ්ඩාර මහතා සඳහන් කරන්නේ.

දැනටමත් දුම්රිය මාර්ග රැසක නායයෑම්, ගස් කඩවැටීම්, ගංවතුර තත්වයන් වාර්තා වී ඇත.