දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දිවෙන මං තීරුවේ පැති බැම්මේ ඉරිතැලීමක්!

0
500

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW :

වැසි සහ ආපදා තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12.5 බද්දේගොඩ ප්‍රදේශයේ ගැලණිගම සහ කහතුඩුව අතර පැති බැම්ම ඉරිතලා නාය යාමේ අවදානමක් පවතින බැවින් මාර්ගයේ මං තීරුවක් තාවකාලිකව වසා දමා තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, කොළඹ දෙසට දිවෙන මං තීරුවේ පැති බැම්මෙ මෙම ඉරි තැලීම සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියේය.

ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ වම් මං තීරුවේ මීටර් 300 ක ප්‍රමාණයක් මෙලෙස ආරක්ෂිත විධිවිධාන ක්‍රම උපයෝගී කර ගනිමින් තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන ඇත.

මේ වන විට පැති බැම්මේ ඉරි තැලීම සිදුවූ කොටස ඉටිකොල වලින් ආවරණය කර ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් සහ තාක්ෂණ නිලධාරීන් ඒ අවට සහ අධිවේගී මාර්ගයේ සියලුම පැති බැමි අධීක්ෂණය කරන බවද වාර්තා වේ.