දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දිවෙන මං තීරුවේ පැති බැම්මේ ඉරිතැලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW :

වැසි සහ ආපදා තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12.5 බද්දේගොඩ ප්‍රදේශයේ ගැලණිගම සහ කහතුඩුව අතර පැති බැම්ම ඉරිතලා නාය යාමේ අවදානමක් පවතින බැවින් මාර්ගයේ මං තීරුවක් තාවකාලිකව වසා දමා තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, කොළඹ දෙසට දිවෙන මං තීරුවේ පැති බැම්මෙ මෙම ඉරි තැලීම සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියේය.

ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ වම් මං තීරුවේ මීටර් 300 ක ප්‍රමාණයක් මෙලෙස ආරක්ෂිත විධිවිධාන ක්‍රම උපයෝගී කර ගනිමින් තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන ඇත.

මේ වන විට පැති බැම්මේ ඉරි තැලීම සිදුවූ කොටස ඉටිකොල වලින් ආවරණය කර ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් සහ තාක්ෂණ නිලධාරීන් ඒ අවට සහ අධිවේගී මාර්ගයේ සියලුම පැති බැමි අධීක්ෂණය කරන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...