ශ්‍රී ලංකා ස්කොෂ් (SLS) කනිෂ්ඨ විවෘත ස්කොෂ් ශූරතාවලිය සාර්ථකව අවසන් වෙයි.

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 28, කොළඹ LNW:

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් සමාගමේ (CDB) අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය මගින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ස්කොෂ් (SLS) කනිෂ්ඨ විවෘත තරගාවලිය නොවැම්බර් මස 19 සිට 24 දින දක්වා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් සංකීර්ණයේදී ජාතික ශ්‍රේණිගත කිරීමේ ස්කොෂ් තරඟාවලියක් ලෙස පැවැත්විණි.


මෙම තරඟාවලියට පිරිමි සහ කාන්තා යන කාණ්ඩ දෙක යටතේ කනිෂ්ඨ ඉසව් 16 ක් නියෝජනය කරමින් කනිෂ්ඨ ක්‍රීඩකයින් 300 කට අධික සංඛ්‍යාවක් තරඟ වැදුනු අතර මෙම තරඟාවලිය රවුන්ඩ් රොබින් තරඟාවලියක් ලෙස පැවැත්වීනි. එමඟින් සෑම ක්‍රීඩකයෙකුටම අවම වශයෙන් තරඟ 3 ක් හෝ 4ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසිනි.


රාජකීය විද්‍යාලයේ මතීෂ විජේසේකර සහ කාන්තා විද්‍යාලයේ නෙත්මි වික්‍රමසිංහ වයස අවුරුදු 19 න් පහළ කාණ්ඩයේ ශූරතා දිනා ගත් අතර ගේට්වේ විද්‍යාලයේ මනුත් දසනායක සහ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ තෙදර ලියනගේ වයස අවුරුදු 17 න් පහළ පිරිමි සහ බාලිකා ශූරතා දිනා ගන්නා ලදී.


ගේට්වේ විද්‍යාලයේ සිතුම්ලි මෙන්ඩිස් වයස අවුරුදු 15 න් පහළ බාලිකා ශූරතාව දිනා ගත් අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අකේන් කෝනාර වයස අවුරුදු 15 න් පහළ පිරිමි ශූරතාව දිනා ගන්නා ලදී. ලූවර් විද්‍යාලයේ හෂිඩ් නූර්ඩීන් අවුරුදු 13න් පහළ පිරිමි ශූරතාව දිනා ගත් අතර, කාන්තා විද්‍යාලයේ නෙතන්යා වික්‍රමසිංහ අවුරුදු 13න් පහළ බාලිකා ශූරතාව දිනා ගැනීමට සමත් විය.


ඩී එස් සේනානායක විද්‍යාලයේ කෙනුල හිරුසර අවුරුදු 11න් පහළ පිරිමි ශූරතාව දිනා ගත් අතර සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ තිනාලි දාස්වත්ත අවුරුදු 11න් පහළ බාලිකා ශූරතාවය හිමි කර ගන්නා ලදී. ඩී එස් සේනානායක විද්‍යාලයේ සස්රුක ගමගේ සහ ගම්පහ සුමේධ විද්‍යාලයේ සනුලි ගොඩගම්පොළ පිළිවෙලින් අවුරුදු 09න් පහළ පිරිමි සහ අවුරුදු 09න් පහළ බාලිකා ශූරතා සදහා හිමි කම් කීමට සමත් විය.
මෙම තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය නොවැම්බර් 24 වන දින පැවති අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් සමාගමේහි අලෙවිකරණ ජ්‍යෙෂ්ඨ කළමනාකරු මෙවන් රණසිංහ සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...