පාසල් පැසිපන්දුවේ ආබාධ ගැන අධ්‍යාපන බලධාරීන් ප්‍රතිකර්ම නොයොදන්නේ ඇයි?

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 28, කොළඹ LNW:

පාසල් පැසිපන්දු සංගමයේ ක්‍රියාකාරීත්වය ජාතික පැසිපන්දු අනාගතයට කරන හානිය සම්බන්ධයෙන් තොරතුරු සහ දත්ත ඉදිරිපත් කිරීමට ජාතික පැසිපන්දු සංගමයේ සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරිරික අධ්‍යාපන සහ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා හමුවීමට ගන්නා උත්සාහය එම අංශයේ සිටින සමහරුන් විසින් වළක්වනු ලබමින් ඇත.පාසල් පැසි පන්දු සංගමයේ මූල්‍ය කළමණාකරණය ගැන ද සැක සහිත තත්ත්වයන් මතු වී තිබියදී මේ ආකාරයට අදාළ අධ්‍යක්ෂවරයා හමුවීමේ කාර්යය වැළක්වීමට පියවර ගනිමින්,එවැනි අවශ්‍යයතාවයක් නැති බව කියමින් පාසල් පැසි පන්දු සංගමයේ ගුණ වයන නිලධාරීන් ගැන ද සොයා බැලිය යුතු තත්ත්වයක් මතු වී ඇත.


රටේ අග්‍රාමාත්‍යවරිය අමාත්‍ය ධූරය දරන අමාත්‍යංශයක නිලධාරීන්ට මේ ආකාරයෙන් චෝදනා එල්ල වෙන පිරිස් ආරක්ෂා කරමින් හැසිරෙන්නට යම් ආණ්ඩුවේ දේශපාලන බලයක සහය හිමි වී ඇද්ද යන්නද සැක සහිතය.පාසල් පැසිපන්දු නිලධාරීන් නිදැල්ලේ තමන් කරගෙන යන ලබන පැසිපන්දුවට අදාළ නොවන තාක්ෂණික ක්‍රියාකාරකම් පවා අඛණ්ඩව කරගෙන යාමට අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අංශයේ සහයෝගය හිමිව තිබෙන බවක් දකින්නට ලැබීම කණගාටුදායක තත්ත්වයකි.


එසේම ඉහළ පෙළේ අනුග්‍රාහකයෙකු තරගාවලිය සඳහා කැඳවා සෑම තරගයකම විශාල මුදලක් පාසල් කණ්ඩායම්වලට දරන්නට සිඳුවීම පසුපස ඇත්තේ ඉකුත් වසරේ ආන්දෝලනයට තුඩු දුන් චීන සංචාරයේ අයවැය පියවා ගැනීමට මෙම අනුග්‍රාහක මුදල යොදවා ගැනීමේ උත්සාහයක් ද යන්නත් මේ වන විට කතාබහට ලක් වී තිබෙන මාතෘකාවකි.අප විසින් කරනු ලබන හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් බොහෝ පාසල්වලින් මේ වන විට ප්‍රශංසාව ලැබෙමින් පවතින අතර ඔවුන් ද පුදුම වන්නේ,දත්ත ඇතුළත්ව ඉදිරිපත් කරන මේ කිසිඳු චෝදනාවක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය පියවරක් නොගෙන, මුනිවත රැකීම ගැනය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් නාය යෑමක් :05 මරුට; 12ක් අතුරුදන්

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, ,කොළඹ LNW : මේ වනවිට...