අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට සජිත් යෝජනා කිරීමට සජබ ඒකමතිකව තීරණය කරයි !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අද (11) ඒකමතිකව යෝජනා ස්ථිර කර ගත්තේය.

මේ පිළිබඳව යෝජනාව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ගෙන ආ අතර පක්ෂයේ සභාපති ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් එය ස්ථිර කරනු ලැබීය.

එම යෝජනා ස්ථිරත්වය සමස්ත මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කරනු ලැබීය.
සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මේ වන විට කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...