ශ්‍රී ලාංකීය බතික් ඇගළුම්වල සුන්දරත්වය අන්කාරා හි දී ඇගයීමට ලක් වේ

Date:

ශ්‍රී ලංකාවේ බතික් ප්‍රවර්ධනය සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්.ආර්. හසන් මැතිතුමා විසින් “ශ්‍රී ලාංකීය බතික් ඇගළුම්වල සුන්දරත්වය ගවේෂණය” නමින් ශ්‍රී ලාංකීය බතික් කරමාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් 2022 ජූලි මස 07 වන දින තානාපති නිල නිවාස පරිශ්‍රයේ දී පැවැත්වීය. ශ්‍රී ලංකාවේ බතික් සහ විලාසිතා කර්මාන්තය නිරූපණය කෙරෙන විලාසිතා දැක්මක් සහ අතථ්‍ය ඉදිරිපත් කිරීමක් මෙම අවස්ථාවේදී නරඹන්නන් වෙත ඉදිරිපත් කෙරිණි.

ශ්‍රී ලාංකේය බතික් සාරි, ඇඳුම් පැළඳුම්, වෙරළ ඇඳුම් ආයිත්තම්, එතුම් රෙදිපිළි, සාළු සහ හිස් ආවරණවලින් සැරසුණු තුර්කි නිරූපිකාවෝ වට තුනකින් විලාසිතා දැක්ම ඉදිරිපත් කළහ. එම වර්ණවත් සන්ධ්‍යාව තුර්කි මාධ්‍ය නියෝජිතයන් ඇතුළු ආරාධිත අමුත්තන්ගේ නොමඳ පැසසුමට ලක් විය.

තුර්කි මාධ්‍ය සහ අනෙකුත් ආරාධිතයින් හට ශ්‍රී ලාංකීය බතික් පිළිබඳ මනරම් සමීප දසුනක් ලබා දීමට සහ ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තයේ ශක්‍යතාව ප්‍රදර්ශනය කිරීමට අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් විලාසිතා දැක්මක් සංවිධානය කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

සිත්ගන්නා සුළු විලාසිතා දැක්ම නැරඹීමෙන් උද්දාමයට පත් වූ ආරාධිත පිරිස ශ්‍රී ලාංකීය සාරිවල අපූර්වත්වය අත්විඳීම සඳහා ශ්‍රී ලාංකීය බතික් ඇඳුමින් සැරසෙන ලෙස දූත කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියහ.

විලාසිතා දැක්මෙන් අනතුරුව ආරාධිතයින් හට ශ්‍රී ලංකීය ප්‍රණීත ආහාර සහ ලංකා තේ පිරිනැමීමෙන් උත්සවය අවසන් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2022 ජූලි 11 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...