13 වෙනි පැයෙන් පසු අරගලය තවදුරටත් දැඩි වන ලකුණු!

ගාලු මුවදොර අරගල භූමියේ මේ වන විට ඉතා විශාල ප්‍රමාණයක් ජනතාවක් අරගලයට සහය දක්වමින් රැඳී සිටින අතර ඔවුන් තවදුරටත් අපේක්ෂාවෙන් සිටින්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ නිල දැනුම් දීම කථානායකවරයා විසින් සිදුකරන තෙක්ය.

ඒ අනුව අද දින 13 වෙනි පැය හෙවත් පස්වරු 01.00න් පසුවද එම නිල නිවේදනය නිකුත් නොවන්නේ නම් අරගලය තවදුරටත් දැඩි කිරීමේ බලපොරොත්තුවෙන් සිටින බවයි එම ස්ථානයේ රැඳී සිටින අප වාර්තාකරු පැවසුවේ.

ජනාධිපතිවරයා මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේද ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දීමෙන් පසු මේ වන විට ජනතාව විසින් අත්පත් කරගෙන සිටින මන්දිර මෙන්ම ලේකම් කාර්යාල ද නැවත භාර දීමට ඔවුන් අපේක්ෂාවෙන් පසුවෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...