පැය 12 ක් අවසන් – රටම බලා සිටින ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් නෑ !

Date:

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් තමාවෙත ලැබී නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. අද දහවල් වනවිට ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත ලබාදෙනු ඇති බවයි වාර්තා වී තිබුණේ.

එල්ල වූ ජනතා විරෝධය හමුවේ පසුගිය 09 වැනිදා ජනාධිපති මන්දිරයෙන් පළාගොස් ආරක්ෂිත ස්ථානයක සැඟව සිටි ජනාධිපතිවරයා කතානායකවරයා වෙත දැනුම් දී තිබුණේ 13 වැනිදා ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බවයි.

කෙසේ නමුත් අරගලයේ නායකයන්, දේශපාලන පක්ෂ නායකයන් බහුතරයක් ප්‍රකාශ කළේ දැඩි ජනතා විරෝධයක් එල්ල වෙද්දී තනතුරෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාට නැකැත් බැලීමට දින ගැනීමට අවශ්‍ය නොවන බවයි. සැඟවී සිටිමින් ධුරය ආරක්ෂා කර ගැනීම සඳහා කුමන හෝ කුමන්ත්‍රණයක් සිදු කිරීමට උත්සාහ දරමින් සිටින බවට ඔවුන් අනතුරු අඟවා තිබිණි.

‌මේ නිසා අරගලකරුවන් තවදුරටත් සිය අරගලය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කළ අතර ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම නිළ වශයෙන් ප්‍රකාශයට පත්වන තෙක් අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක බව අරගලකරුවන් ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව ඔවුන් තවමත් ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සිය අණසක යටතේ තබාගෙන සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...