අපේ ආණ්ඩුවක් තිබුණ නං ඩොලර් ගේන හැටි අපි දන්නවා – හර්ෂ ද සිල්වා

Date:

මෙරට දුගී දුප්පත් ජනතාව ඇතුළු සෑම මට්ටමකම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි ශ්‍රී ලංකාව ලෝකය සමග එකතු කරන සමාජ වෙළඳපොළ ආර්ථික ප්‍රතිපත්තියක් මගින් රට ගොඩනැගීම සමගි ජන බලවේගයේ දිගුකාලීන ආර්ථික දැක්ම බව එම පක්ෂයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

“ආර්ථිකයේ නිවැරදි දිශාව” මැයෙන් සමගි ජන බලවේගයේ දිගුකාලීන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය. ආර්ථික ප්‍රතිපත්ති ඒ ඒ කාලයට ගැලපෙන අයුරින් නිර්මාණය විය යුතු බවත් සැමදා පවතින න්‍යායාත්මක අදහස්වලින් ඔබ්බට ගොස් නැවුම් අයුරින් රටට ගැලපෙන ලෙස ඒවා සකස්කර ගත යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

‘ලෝකය වෙනස් වෙනවා. අපි අනුගමනය කළ යුත්තේ අපේ සියලු ජනතාවට සෙත සැලසෙන ලෝකය සමග ගමන් කරන ආර්ථික ප්‍රතිපත්තියක්. ඒ නිසයි, සමගි ජන බලවේගය සියලු පුරවැසියන්ට ආමන්ත්‍රණය කළ හැකි සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් මගින් මේ රට ගොඩනැගීමට සැලසුම් කර තිබෙන්නේ. මෙහිදී, ආර්ථික නිදහස සහ සමාජ සාධාරණත්වය ප්‍රමුඛ වෙනවා. මෙහිදී, අපි වෙළෙඳපොළ විශ්වාස කරනවා. මිල කාටවත් තීරණය කරන්න ඉඩ දෙන්නෙ නෑ. අපි වෙළෙඳපොළට හිතැති සුදුසු ප්‍රතිපත්ති නිර්මාණය කරනවා. මේ අතර, අවශ්‍ය වූ විටෙක නියාමන කටයුතු කිරීමට අපි කටයුතු කරනවා. අපේ සමාජ වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තිය රටට ගැලපෙන එකක්.’

ශ්‍රී ලංකාව මේ වනවිට නිෂ්පාදනයට වඩා පරිභෝජනය කරන රටක් බවට පත්ව තිබෙන බවත් මෙම ආර්ථික ප්‍රතිපත්තිය මගින් එම ක්‍රමය වෙනස් කර ඩොලර් සංචිත කන්දක් නිර්මාණය කළ හැකි ලෙස නිෂ්පාදනය නගා සිටුවන බවත් මන්ත්‍රීවරයා පැවසීය. ලෝකය සමග එකතුවී ආර්ථික කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවට නොමැති තාක්ෂණික දැනුම ලංකාවට ගෙන්වා ගනිමින් දිගුකාලීනව සරල භාණ්ඩ නිෂ්පාදනයේ සිට සංකීර්ණ තාක්ෂණික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ රටක් බවට ලංකාව පරිවර්තනය කරන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය. ලෝකයෙන් හුදකලා වී සිටින ශ්‍රී ලංකාව ලෝකය සමග එකතු කරමින් තරුණ තරුණියන්ට ගමේ සිටම ඩොලර් ඉපයීමේ මාර්ග දියුණු කරන බවත් සෑම සේවකයෙකුටම අභිමානයකින් යුතුව රටේ ආර්ථික උන්නතියට උරදිය හැකි ව්‍යවසායක පරිසරයක් මෙම දැක්ම යටතේ නිර්මාණය කරන බවත් මන්ත්‍රීවරයා කීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් මහතා සහ ඉරාන් වික්‍රමරත්න මහතාද සහභාගී විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...