ජනපති ගෝඨාභය ඉල්ලා අස්වෙන්නේ සිංගප්පූරුවට ගිය පසුව ලු !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන් සිංගප්පූරුවට ළඟා වූ පසුව ලබාදෙන්නේ යැයි පැවසූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඊයේ (13) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා මේ පිළිබඳව පක්ෂ නායකයින්ට දැනුම් දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අළුයම මාලදිවයින කරා ගොස් තිබුණු නමුත් එහි සිට සිංගප්පූරුව කරා යාමට ඊයේ දිනය තුළ ඒ මහතාට හැකිව තිබුණේ නැත.

අද (14) උදෑසන 7.00 පමණ වනවිට ඒ මහතා සිංගප්පූරුවට ළඟාවනු ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...