*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

දැන් විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණයට අමතරව තවත් බලයක් තියෙනවා. හැමෝම ඒක තේරුම් ගන්න ඕනෑ – කුමාර්

මේ වනවිට ජනතා පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කරන අලුත් බල කුළුණක් නිර්මාණය වී ඇති බවත් පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ ඉලක්කම් සෙල්ලම්වලට නොයා එය තේරුම්ගත යුතුව ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා අවධාරණය කරයි.

“දැන් මෙතෙක් අත්දැකපු නැති ජන බලයක් සක්‍රිය වෙලා තියෙනවා. ඒ ජන බලය තවදුරටත් පොත්පත්වල තියෙන ජන බලය සම්බන්ධ වාක්‍යයක් නෙවෙයි, එහෙම නැත්නම් වේදිකාවල කියන සටන් පාඨයක් විතරක් නෙවෙයි, අද වෙනකොට ඒක සක්‍රිය භෞතික බලයක්. ජුලි 09 වෙනිදා ඒ භෞතික බලය අපි දැක්කා. නැවතත් ඒ බලය කැඳවීමේ හැකියාව තියෙනවා. නිධන්ගතව තිබුණු බලයක් අවදි වෙලා ඒ බලය භෞතික ලෙස පෙන්නුවා. ඒ බලය නිසා ජනාධිපතිවරයාට රටින් පළායන්න සිද්ධ වුණා. ඔහු නිල වශයෙන් ඉල්ලා අස්වුණාද නැද්ද කියන කාරණය නෙවෙයි, දේශපාලන වශයෙන් ඔහු අවලංගුයි. වසර දෙකහමාරක් ඇතුළත ඔහුගේ ජනමතය තවදුරටත් නෑ කියන එක තහවුරු වුණා. එතකොට මේක අපි ජීවමානව අත්දැකලා තියෙන යතාර්ථයක්.

මේක තවදුරටත් හිතළුවක් නෙවෙයි, මේක අපේ අපේක්ෂාවක් නෙවෙයි, මේක අපේ ඉල්ලීමකුත් නෙවෙයි, මේක අද සිද්ධ වෙච්ච දෙයක්. ඒ අර්ථයෙන් තමයි අපි කියන්නෙ මේ බලය ජීවමානයි. එනිසා තමයි මම කියන්නෙ මේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය බල කණු ගැන කියද්දී මෙන්න දැන් අලුත් ජන අරගලයේ බල කණුවක් නිර්මාණය වෙලා තියෙනවා. මේක අද වෙනකොට ආපහු සැරයක් සක්‍රියයි, ඒක බලයක්. මේක ජනතා පරමාධිපත්‍යය. මේ බලයට ප්‍රතිචාර නොදක්වා, මේ බලයට නම්‍යශීලී නොවී – මෙතෙක් කල් මේගොල්ලො මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවෙවී තමයි මේ සෙල්ලම් ටික කළේ – නමුත් දැන් ජනතා පරමාධිපත්‍යය සෘජුවම සක්‍රියවම ක්‍රියාවලියට ඇවිල්ලා තියෙනවා.

එනිසයි අපි කියන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ මේ බලය ගැන තේරුම් ගන්න ඕනේ. සමහර අය මේක තේරුම් අරන් තියෙනවා. සමහර අය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේක පිළිගනිමින් ඉන්නවා. එනිසායි අපි කියන්නෙ පොහොට්ටු ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඉලක්කම් හරඹ කරන්න ඉඩදෙන්න එපා. එහෙම කරන්න හිතන් ඉන්නවා නම් ඒක මේ ජන බලයට පිටුපා යෑමක්. ඔබ මෙතෙක් මේ රට විනාශයට ගෙනියන්න සම්බන්ධ වුණා, නමුත් දැන් අවස්ථාවක් තියෙනවා ස්වයං විවේචනයක් කරමින් නිවැරදි වෙන්න මේ ජන බලයත් එක්ක සන්ධානගත වෙමින්. රාජපක්ෂලාගේ වුවමනාවන් වෙනුවට ජන බලයේ වුවමනාවන් එක්ක සන්ධානගත වෙමින් වැරැද්දක් නිවැරදි කරගන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා”

කුමාර් ගුණරත්නම් මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan