ඉල්ලා අස්වීමේ ලියුම ලියන්න අඟහරු ලෝකට ගිහින්ද ?

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දෙන්නේ අඟහරු ලෝකයට යාමෙන් පසුවදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විමසා සිටිනවා.

ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදීම සඳහා ගමනාන්තයට යායුතු යැයි පවසමින් ලෝකය පුරා ගමන් කරමින් සිටින බවත්, ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය ලිවීම සඳහා ලෝකයේ එහා කොනට යාමට තරම් ප්‍රමාණවත් කාලයක් ලබාගෙන ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

69 ලක්ෂයක් ඡන්දදායකයන්ගේ කැමැත්තෙන් විධායක ජනාධිපති ධුරයට පත් වූ රාජපක්ෂ මහතාට අද ශ්‍රී ලාංකිකයන් සිටින කිසිදු රටකට යාමට නොහැකි තත්වයක් උදා වී ඇති බවද මුජිබර් රහුමාන් මහතා පවසනවා.

අඟහරු‌ ලෝකයට හෝ මන්දාකිණියේ වෙනත් ග්‍රහලෝකයකට හෝ ගමන් කර, රටම බලා සිටින ඉල්ලා අස්වීමේ ලිපිය ඉක්මනින් ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...