කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු – IMF

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW 

ඉකුත් දින කීපය පුරා කලාපයේ විනාශකාරී ගංවතුරෙන් සිදු වූ විනාශයෙන් පීඩාවට පත් ඉන්දුනීසියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල ජනතාවට ක්‍රිස්ටලිනා ජෝර්ජිවාගේ x පණිවිඩයක් නිකුත් කරමින් ශෝකය පළ කර තිබෙන බව වාර්තා වේ.

තවද, ඇය නිකුත් කළ x පණිවිඩයේ , මෙකී ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත ගැන IMFහිද ශෝකය පල කර ඇති අතර , කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු යනුවෙන්ද සඳහන් වනව බව පැවසේ.

ඇයගේ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ , ව්‍යසනයට මුහුණ දුන් රටවල් නැවත යථා තත්ත්වයට පත්වීමට සහ ඔරොත්තු දීමේ හැකියාවට සහාය වීමට IMF සූදානම් බවයි.