සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන් සම්බන්ධයෙන් ආණ්ඩුව වහකිම භාර ගත යුතු බවත් ආණ්ඩුවට එරෙහිව අපරාධ නඩු පවරන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවසුවේය.

පූර්ව අනතුරු ඇඟවීම් සිදුකර් තිබියදී පූර්ව සූදානම් නොකිරීම මත සිදුවූ සෑම මරණයකම වගකීම ආණ්ඩුව ගත යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”අද අපි පාර්ලිමේන්තුවේදීත් බලාපොරොත්තු වුණේ මේ නින්දෙන් ඔවුන්ව ඇහැරවන්න. මොකද මේක පාස්කු ඉරිදා ප්‍රහාරය තරම්ම අමනුෂිකයි. මේ රට බංකොලොත් කිරීම පිළිබඳව රාජපක්ෂලාට අධිකරණයේ නඩු දැම්මා වගේම අපි වර්තමාන ආණ්ඩුවට අපරාධ නඩුවක් යොමුකරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ මැරුණ හැම මිනිහෙකුටම හැම පුද්ගලයෙකුටම මේ ආණ්ඩුව වගකිව යුතුයි. මොකද පූර්ව අනතුරු අඟවල තියෙද්දී පූර්ව සූදානම කරන්නේ නැතුව කටයුතු කිරීම පිළිබඳව ඔවුන්ට විරුද්ධව නඩු දාන්න අපි ලෑස්තියි”

මරික්කාර් මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (01) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු – IMF

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  ඉකුත් දින කීපය පුරා...