LPL දිග ඇරෙයි

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW:

හයවන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2026 ජූලි 8 වන දින සිට අගෝස්තු 8 වන දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන 2026 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය 2026 පෙබරවාරි සිට මාර්තු දක්වා කාලය තුළ පැවත්වෙන බැවින් 2025 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ LPL තරගාවලිය කල් දමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් මීට පෙර පැවසුවා.ඔවුන් ඊට හේතුව ලෙස දැක්වූයේ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩාංගණ අළුත්වැඩියා කිරිමට අවධානය යොමු කිරිමට සිඳුව තිබෙන බවයි.


මෙම කල්දැමීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විවිධ මත පළ කළ අතර මූල්‍යමය ශක්තියක් නොමැති බවට ද අදහස් පළ කරනු දකින්නට ලැබිණ.එහෙත් මේ වන විට වසරකින් මතු ලෝක කුසලාන සත්කාරකත්වයත් සමගින් ප්‍රධාන දේශිය ජාත්‍යන්තර තරගාවලියද සුපුරුදු පරිදි එළැඹෙන වසරේ මැද භාගයේ පැවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැළසුම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...