ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW :

සිදු වූ ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් විවිධ මාෆියාවන් සිදු කිරීමට පෙළඹී ඇත.

ඒ අනුව , වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ නිවාඩු නිකේතනයකට හා ආයතනයකට රුපියල් මිලියනය බැගින් දඩ මුදල් පැනවීමට අධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. , නඩු පවරා ඇත්තේ බෙලිහුල්ඔය සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික ආයතනයකට බවයි .

බෙලිහුල්ඔය ප්‍රදේශයේ අදාළ නිවාඩු නිකේතනය විසින් රුපියල් 100 ක මිලකට අලෙවි කළ යුතු ලීටරයක පානීය ජල බෝතලයක් රුපියල් 400 ක මිලට අලෙවි කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම රුපියල් 70 ක මිලකට අලෙවි කළ යුතු මිලිලීටර් 500 පානිය ජල බෝතලයක් රුපියල් 230 ක මිලට අලෙවි කළ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නඩු පවරා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊසානදිග මෝසම් තත්ත්වය සක්‍රීය වේ: අද (10)කාලගුණය

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : දිවයින හරහා ඊසානදිග...

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...