රුහුණු කතරගම මහ දේවාලය බස්නායක නිලමේ ධූරයට සුදුස්සෙකු පත් කර ගැනීමේ නිලවරණය හෙට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , කොළඹ LNW :

හෙට (09) දින , ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලය බස්නායක නිලමේ ධූරයට සුදුස්සෙකු පත් කර ගැනීමේ නිලවරණය මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

ඒ හෙට (09) පෙරවරු 10ට බෞද්ධ කටයුතු කොමසාරිස් කේ.එම්.ජී සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් බව සඳහන් වේ.

හිටපු බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ නිල කාලය පසුගිය ඔක්තෝබර් 22 වෙනිදායින් අවසන් විය,

මේ වන විට දෙවිනුවර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංඛ මහතා කතරගම වැඩ බලන බස්නායක නිළමේ සේවයේ සිටින අතර ඔහුද නිළවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

ඒ අනුව, 13 වැනි බස්නායකවරයා තෝරා පත් කර ගැනීම හෙට (09) සිදු වනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...