විස්වාස භංගයෙන් ගෙදර යැවූ ඉම්රාන් ඛාන්ට පන්ජාබ් ප්‍රාන්තයෙන් දැවැන්ත ජයක් – පාලක සභාගය දෙදරයි !

පසුගිය අප්‍රේල් මාසයේදී විස්වාස භංග යෝජනාවක් හේතුවෙන් පරාජයට පත් වූ පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයට දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයක් ලැබී තිබෙනවා. ඒ පසුගියදා පැවති පන්ජාබ් ප්‍රාන්ත සභා මැතිවරණයෙනි.

ආසන 20 කින් සමන්විත ප්‍රාන්ත සභාවේ ආසන 15 ක් දිනා ගනිමින් හතරෙන් තුනක බහුතර බලයක් ස්ථාපිත කිරීමට ඉම්රාන් ඛාන් සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ PLM-N පක්ෂයේ බල කඳවුරේදී මෙම ජයග්‍රහණ අත්පත් කර ගැනීමයි. එම පක්ෂයට හිමිවූයේ ආසන 04 ක් පමණි. ඉතිරි ආසනය දිනා ගැනීමට ස්වාධීන අපේක්ෂකයෙකු සමත්ව තිබේ.

මෙම ජයග්‍රහණයත් සමග කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම මැතිවරණ පරාජය PML-N ප්‍රමුඛ සභාග ආණ්ඩුව පුපුරා හැරීමට සමත්ව තිබේ. මේ වනවිට උද්ධමනය හේතුවෙන් සහ බලශක්ති අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පකිස්තානයට දේශපාලන අර්බුදයකට මුහුණදීමට සිදුව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෘජු විදේශ ආයෝජන අඩු වෙමින් පැවතීම රටට අහිතකර ලෙස බලපෑම් රැසක් එල්ල කරාවි – විපක්ෂ නායක සජිත්

බංකොළොත්භාවයෙන් ගොඩ එන අප රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක්...

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...